( තිළිණි ද සිල්වා)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අගෝස්තු 1 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමට සියල්ල සුදානම් වුවද විදෙස්ගත ශ්‍රමිකයන් විශාල පිරිසක් දිවයිනට පැමිණීමට ඉල්ලුම් කර ඇති බැවින් ඔවුන් සියලු දෙනා රැගෙන ඒමට තවත් කාලයක් ගතවීම ඊට හේතුව බව ද ඇමැතිවරයා කියා සිටී.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“මේ වන විට 50,000කට ආසන්න විදේශගත ශ්‍රමිකයින් පිරිසක් ලංකාවට එන්න ඉල්ලලා තියෙනවා. ඒ අය තානාපති කාර්යාලවල ලියාපදිංචි වෙලා ඉන්නවා. ජනාධිපතිතුමාගේ අදහස තමයි ඒ සියලු දෙනා ලංකාවට ගෙන්න ගන්න ඕනේ කියන එක. ජනාධිපතිතුමා කිව්වේ ඒ අය ගෙනාවත් රටේ ජනතාවත් ආරක්ෂා විය යුතු බවයි. ඒ නිසා අපි ඉතා පරිස්සමින් තමයි මේ කටයුත්ත කරන්නේ. ඉදිරියේ දී ඒ අය දිගින් දිගටම ගෙන්වන්න අපි කටයුතු කරගෙන යනවා. මේ එන සියලු දෙනා පි.සි.ආර් පරීක්ෂාවකට ලක් කිරීම අනිවාර්යයි. පි.සි.ආර් පරීක්ෂාවෙන් පස්සේ ප්‍රතිඵලය ලැබෙන්න පැය කීපයක් යනවා. ඒ නිසා මේ වැඩේට අපිට හිතුවට වඩා කාලයක් ගත වේවි.
අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුළ අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රමිකයින්ට PCR. තානාපති කාර්යාලයේ නම් අවුලක් නෑ.
ඉස්සෙල්ලාම අපේ පුරවැසියෝ ලංකාවට ගෙන්වාගන්න ඕනේ. දැනට වහලා දමලා තියෙන සුළු සහ මධ්‍ය පරිමාණයේ සංචාරක හෝටල් භාවිතා කරලා මොවුන් නිරෝධායනය කරගන්න පුළුවන් ... අපට ගුවන් යානා පහසුකම් තිබෙනවා. නමුත් 50000 ඉල්ලුම් කරලා තිබෙනවා නම් මේ ගොල්ලන් සියලු දෙනාම අගෝස්තු 15 වැනිදා වෙනකොට ලංකාවට ගෙන්වාගන්න බලාපොරොත්තු වෙනවා නම් දිනකට 1500ක් විතර ලංකාවට ගෙන්වා ගන්න ඕනේ නේද? නමුත් තවම එහෙම වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇමැතිලා එක එක පරස්පර විරෝධී ප්‍රචාර කරන බව නම් පෙනෙනවා.
මේක නම් හොඳ දෙයක් නෙමේ...
සංචාරකයෝ නෙමෙයි, මැදපෙරදිග ඉන්න මිනිස්සුන්ට එන්න ඉඩ හැරපල්ලා. කවුද මේ තීරණ ගන්නේ...?
කොහේ ඉන්න සංචාරකයින්ද ඔය ගේන්න හදන්නේ? රට වැසියන්ව ගෙන්වාගන්න... සංචාරකයින් ආවොත් ඔවුන්ව සාදරයෙන් පිළිගමු. ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය සංචාරකයින් ඒවිද කියන එකයි. රටේ ප්‍රශ්නයක් නෙවෙයි. කොරෝනා ප්‍රශ්නය නිසා...
කියන්න ඉස්සෙල්ලා ඕක ගැන හිතන්න.. බොරු කියන්න එපා...
මොනවද ඔට්ටු, අගෝස්තු 05 පහුවෙනකම් ඕක යවන්නේ නැත. මොකද මැදපෙරදිග කට්ටිය ආවොත් 2/3 ඉවරයි.
ආර්ථික වශයෙන් පාඩු විය හැකියි. නමුත් ඔය එන්න හදන සංචාරකයින් කොවිඩ්19 ගෙනැවිත් නැවත රට තුළ පොකුරක් ඇති කළොත්! ඔව්. එය වළකාගත යුතුමයි. ලෝකෙ කිසිම රටක අපේ රටේ තරම් කෝවිඩ්19 පාලනය කරගත්තේ නෑ.
පිටරට අසරණ වි සිටින ජනතාව හැකි ඉක්මණින් මව්රට වෙත ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අපි මෙන් අපේ දරු පවුල්ද ශ්‍රී ලංකාවේ අසරණ වි සිටියි. මෙහි අපහට කිසිඳු දෙයක් කරගත නොහැකි තත්වයක පත්ව සිටියි. ජනාධිපතිතුමනි, මානසිකව වැටී සිටින ලාංකිකයින් හැකි ඉක්මණින් ලංකාවට ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
ප්‍රසන්න ඇමැතිතුමා කලින් කිව්වේ අගෝස්තු 01දාට කළින් සියලු විදේශ ශ්‍රමිකයින් ගෙන්වනවා කිව්වා. දැන් කියනවා වෙන කතාවක්... නමුත් අපේ සර් නම් ඔය වගේ කතා කියනවට කැමැති නැහැ.