(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද ආසන්න මුහුදේ ඇති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න ‘සෑහෙන දුරකට පාලනය කර ඇතැයි’ නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (4) පස්වරුවේ පැවැසීය.
ගින්න නිවීම සඳහා යුද නැව් ද ඇතුළුව නාවික යාත්‍රා 11ක් යොදවා ඇතැයි ද අද (4) රාත්‍රී 9 පමණ වනවිට ගින්න සෑහෙන දුරකට පාලනය කර ඇතැයි ද කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කීය.
ගින්න සැලකිය යුතු ලෙස පාලනය කරගැනීමට සමත්ව ඇති හෙයින් නෞකාව ගැඹුරු මුහුද දෙසට ගෙන යාමට උත්සාහ කරමින් සිටින බව ද හෙතෙම කීවේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉල්ලීම පරිදි රුසියානු යුද නැව් දෙකක් ද ගින්න නිවීමේ කටයුත්ත සඳහා සහාය දුන් බවත් එම යාත්‍රා දෙක පිටව ගිය බවත් ඔහු කීවේය.
ඊයේ රාත්‍රීය වනවිට ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක්, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක්, ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායට අයත් යාත්‍රා 3ක්, ටග් බෝට්ටු 4ක් යොදවා ඇතැයි ද හෙතෙම කීය.
ටග් බෝට්ටු හතරෙන් දෙකක් හම්බන්තොට වරායේ තිබූ රාවණා සහ වසභ යන ටග් බෝට්ටු බවත් අනෙක් දෙක බොරතෙල් නෞකාව අයත් සමාගම මුදල් ගෙවා ගෙන්වා ගත් විශේෂිත ටග් බෝට්ටු බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශවරයා තවදුරටත් කීය.
‘නිව් ඩයමන්ඩ්’ යනුවෙන් හැඳින්වෙන මෙම නෞකාව පැනමාවේ ලියාපදිංචි කරන ලද නෞකාවකි.
කුවේට් රාජ්‍යයේ මිනා අල් අහ්මිදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත ගමන් කරමින් තිබූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි. මෙම නෞකාව ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) සමාගම කුලියට ගත් නෞකාවක් බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.
මෙම නෞකාව බොරතෙල් ටොන් 270,000ක් සහ ඩීසල් ටොන් 1,700ක් රැගෙන ගමන් කරමින් තිබී ඇත.
නෞකාවේ එන්ජින් කාමරයේ ඇති වූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් පිලිපීන ජාතිකයකු මරණයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය. මෙම ගින්න ඇතිවූයේ බ්‍රහස්පතින්දා, එනම් පෙරේදා ය.
කාර්ය මණ්ඩලයේ ඉතිරි 22 දෙදෙනා (ග්‍රීක ජාතිකයන් පස්දෙනකු-පිලිපීන ජාතිකයන් 17 දෙනකු) මුදා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව මීට පෙර සඳහන් කළේය.
සබැඳී - ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි