( තිලකරත්න දිසානායක)
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මාර්තු 1 වනදා සිට 10 වෙනි දින තෙක් මෙරටට පැමිණි පුද්ගලයින් ඇතුළු 2954 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුල නිවාසයන්හිදී නිරෝධායනයට යොමු ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි.
එම සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛාව මගින් ගම්පහදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී එහි ලේකම් චන්දන පත්මලාල් මහතා මේ බව සදහන් කළේය.
මින් 917 දෙනෙකු දින 14 ක නිරෝධන කාලය අවසන් කර පිටව ගිය බවද කීය.
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 හිදී නිරෝධායනයට ලක්වන මෙම පිරිස අතර විදේශිකයින් 73 දෙනෙකු සහ සංචාරක මගපෙන්වන්නන් 164 ක් වන වන බවත් මින් 382 ක් වන වැඩිම පිරිසක් බියගම වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් වන බවත් ලේකම් වරයා සදහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් 155 ක පිරිසක් විසින් මෙම නිරෝධායන කටයුතු දැඩි අපහසුතා මධ්‍යයේ සිදු කරන බව පැවසූ ලේකම් වරයා , රජය විටින් විට ඇදිරි නීතිය ඉවත් කිරීම හේතුවෙන් තමන් විසින් ඉටු කරනු ලබන කාර්යයෙන් ඵලක් නොවිය හැකි තත්ත්වයක් උදාවිය හැකි යැයිද කීය.
මීට විසදුමක් ලෙස ජනතාව ළගට ගොස් ආහාර ද්‍රව්‍ය ඇතුළු අවශ්‍යතාවයන් සපුරා ලීම සිදු කරමින් ඇදිරි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යායුතුව ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී දිස්ත්‍රික් සංගමයේ සභාපති පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
" මෙම අවස්ථාවේ ජනතාව මුඛ ආවරණ පැළදීම අගය කරනවා. මුඛ ආවරණ පැළදීම අවශ්‍ය නොවන බව උසස් සෞඛ්‍ය නිලධාරිනියක් ප්‍රකාශ කළත් මෙය ඉතා අවශ්‍ය බවයි අපි කියන්නෙ. මීට පෙර ඇතැමුන් ඩෙංගු රෝගය මාරාන්තික නොමැති බව පැවසූ නමුත් රෝගය මාරාන්තික තත්ත්වයට පත්වූ පසුවයි අවදානම අවබෝධ වුණේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට ගැටළු තිබෙනවා. සැක සහිත රෝගීන් රෝහල් කරා රැගෙන යාමට නිසි වැඩපිළිවෙළක් නැහැ. මේ සදහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍යයි. නිවැරදි ආකාරයේ N 95 මුඛ ආවරණ නැහැ. නිල ඇදුම ආවරණය කිරීමට ක්‍රමයක් නැහැ. මේ අඩුපාඩු මධ්‍යයේ තමයි කටයුතු කිරීමට සිදුව තිබෙන්නෙ. ඒ වාගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කටයුතු කිරීම පිණිස වැඩි බලතල ලබාදීමද සිදුකල යුතුයි. "
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගම්පහ 2954ක් ස්වයං නිරෝධායනයට