(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුවකු විසින් ගුවන් ගත කළ හැකි රොකට්ටුව නිපදවා ඇත.
එල්.එච්. ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිර්මාණය කර ඇති කිලෝ මීටර් 20ක දුරකට යැවිය හැකි මෙම රොකට්ටුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමීව පැවති ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.
ප්‍රදර්ශනය විවෘත කිරීමට පෙරේදා (13) එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද ඇගැයීමට එය ලක්විය.
මෙම රොකට්ටුව නිර්මාණය කිරීමට අන්තර්ජාලය ඔස්සේ තාක්ෂණික දැනුම ලබා ගත් බව පැවසූ ගිහාන් සිසුවා මෙය නිර්මාණය කිරීමට මාස දෙකක කාලයක් ගත වූ බවද පැවසීය.
පැයට කිලෝ මීටර් 750ක වේගයකින් ගමන් කළ හැකි මෙම රොකට්ටුව උසින් අඩි 20ක් වන අතර බර කිලෝ ග්‍රෑම් 25කි.
තමන්ගේ මෙම නිර්මාණය පෙරේදා නැරඹූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙය අගය කරමින් සතුට පළ කළ බවත් මෙය වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත් පවසමින් රොකට්ටුව ගුවන්ගත කරන අවස්ථාවට සහභාගි වන බව පැවසූ බව ද ගිහාන් සිසුවා පැවසීය.
තමන්ට මෙම රොකට්ටුව නිෂ්පාදනය කිරීමට රුපියල් 50,000ක පමණ මුදලක් වැයවූ බව පැවසූ ගිහාන් මෙය ගුවන්ගත කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දෙක යොදා කිලෝ මීටර් 20ක දුරක් යැවීමට රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් වැයවන බව ද කීය.
මෙය නිර්මාණය කිරීමේ දී බණ්ඩාරනායක විද්‍යාලයේ ජෛව පද්ධති තාක්ෂණ විෂය භාර ආචාර්ය රවීන්ද්‍ර දිවුල්වැව මහතාගේ මගපෙන්වීම ලැබුණු බව පැවසූ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා; තමන්ට මෙම තාක්ෂණය වැඩිදියුණු කිරීමට සහය ලැබෙන්නේ නම් ශ්‍රී ලංකාවේ නම ඉහළ තැනකට ගෙන යාහැකි බව ද කියා සිටියේය.
මෙම රොකට්ටුව ගුවන්ගත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි අවසරය ලබා ගැනීමෙන් පසුව ලබන මස දී කල්පිටිය ගුවන් හමුදා කඳවුරේ දී ගුවන්ගත කරන බවත් මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනය කිරීමට අදහස් කර සිටින බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
මෙන්න අපේ සම්පත්... අගය කරන්න ඕන දෙයක්.. නමුත් දුකට කාරණයක් වෙන්නේ ලංකාවේ ඉගෙනගෙන හොද මොලයක් උන දවසට රටට නෙමේ වෙඩක් වෙන්නේ පිට රටට.. රටේ පාලකයෝ දන්නේ නැහැනේ බුද්ධිමතුන්ගෙන් වැඩක් ගන්න.. ඉතින් බුද්දිමතුන් පිරිස වෙන රටවල් වලට ගිහින් ඒ රටවල් වලට සේවය කරනවා..ඕක තමයි සත්‍යය...
විශිෂ්ටයි. උණුසුම් සුභ පැතුම් ගිහාන්....
මෙයට ඉහල ප්‍රචාරයක් නොදෙන්නේ ඇයි?
මේ පළමු රොකට්‍ටුව බව තහවුරු කළ හැකිද? අසා ඇති අන්දමට කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් මීට වසර 30-40කටත් පෙර සාර්ථකව රොකට්‍ටුවක් ගුවන් ගත කර තිබෙනවා.
1960දශකයෙදි ආනන්ද පාසල් සිසුවන් විසින් රොකට්ටුවක් සාර්ථකව ගුවන්ගතකල බව එවකට සඟරාවක පින්තුර සමගින් පලව තිබුණා.
අනේ මගේ අත්තරන් පුතේ... ලංකාවේ නම ඉහලටම ඔසවා තබා අවසන්... හොඳ පුතා වගේ විභාගේ හොඳට පාස් වෙලා නාසා එකට ඇප්ලයි කරපන්...
පළමු රොකට්ටුව කියන්නේ, මේ ආණ්ඩුවේ පළමු රොකට්ටුව කියන එකයි. කලින් ආණ්ඩුත් කරේ ජනතාවට රොකට් ඇරපු එක තමා. එකනේ ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි කියා කියා උඩ ගිහින් ඉන්නේ.
මම උගත් පාසල , ඔබට ජයෙන් ජය
ආනන්දෙ නෙමෙයි. මම කියවපු විදියටනම් නාලන්දේ සිසුන්. කෙසේ වෙතත් මේ සිසුවාගේ වෑයම සාර්ථක වේවායි පතමු.
මෙහෙම රොකට් යවලා වැඩක් නෑ. නිකන් සල්ලි නාස්ති කරලා අහස් කුරු යවනවා වගේ... ලංකාවට විදේශ විනිමයක් එන හෝ ඉතිරි කර දෙන ප‍්‍රයෝජනවත් යමක් ගැන වෙහෙසෙන්න.
මේ සිසුවාගේ හැකියාවන් ඉතා ඉහලින්ම අගය කරනවා. මේ වගේ දෙයක් සාර්ථකව මීට පෙර කලත්, දැන් කලත් රටට වැඩක් වෙන විදිහක් තමයි ඕනේ. අහස කුරක් ලෙස නිකම්ම රොකට්ටුවක් ගුවන් ගත කල නොහැකියි. ඒ සඳහා විශේෂ අවසරය, තාක්ෂණික මෙවලම්, ඉහළ වායු ගෝලයට වෙන බලපෑම සම්බන්ධ දත්ත, අසල්වැසි යන්ට වෙන බලපෑම ආදියද සොයා බැලීම අවශ්‍යයි. මේ සඳහා පරිගණක සහයද අවශ්‍ය වේවි. ඒ සියලු දේවල් සහිතව හැමෝගෙම උදව්වෙන් වැඩේ සාර්ථක කරගත්තොත් ඔබත් දිනුම්, රටත් දිනුම්.
මහරජාගෙ කාලෙ කුමාරයා ඇරපු රොකට්ටුව අමතකද?
රටතුල ඉන්නවා වටිනා සම්පත්. එදා දුම්රිය එන්ජිමේ දෝෂය හඳුනා ගත්තු තරුණයක්. දැන් මෙයා තවත් සම්පතක්. තවත් ඇති. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මේගැන අවදානය යොමුකළ ඔවුන්ගේ අනාගතය සහ රටේ අනාගතය ගැන සැලිකිල්ලට ගතයුතුයි.
තවත් එක වතුරෙන් දුවන කාර් එකක් නොවේවා.
මේ.. මේ.. බොරු කියන්න එපා... අපට ඉන්න එකම රොකට් විශේෂඥයා ඔයිට කලින් අපේ කොඩිය ගහපු රොකට් එකක් අජටාකාශයට ඇරියා මතක නැද්ද? එයාගේ තාත්ත ඉල්ලගෙන කෑවේ නැත්තන් මෙලහකට අපි පිට සක්වලටත් ගිහිල්ල.
මේ සුපිරි මොළකාර දරුවා ගැන සටහනක් නොතිබ්බොත් එය ජාතික වගකීම පැහැර හැරීමක් ලෙසයි මා සිතන්නේ. අනාගතයේ යම් දිනෙක රටට විශාල වශයෙන් විදෙස් විනිමය ඉපයීමට ඔබට වාසනාව ලැබේවා. ඔබගේ වටිනාකම දේශපාලකයන්ටද අවබෝධ වේවා.
සුබපැතුම් ඇත්තටම සතුටුයි. Elon Musk spaceX එක පටන් ගන්නකොට එයාටත් ගොඩක් බාධක ආවා. බාධක එයි. හැබැයි ඒවාට සාර්ථකව මුහුණ දුන්නොත් ලංකාව ලෝකයේ ඉහළටම ගෙනියන්න පුළුවන් වෙයි.
ඕවට කියන්නෙ kandy rocket කියලා. පොටෑසියම් නයිට්‍රේට් සහ සීනි කවලම් කරලා රත්කරන්න ඕන. ඊට පස්සෙ බටයකට පුරවලා පත්තු කලහම උඩ යනවා. ඕවා වෙන රටවල් වල ළමයි විනෝදයට කරන දෙයක්. මේක අභ්‍යයවකාශයට යවන රොකට් එක්ක සංසන්දනය කරන්නවත් බැ. මේ ළමයාගේ විද්‍යාවට තියෙන උනන්දුව සහ ප්‍රායොගිකව යමක් කිරිමේ හකියාව අගය කරන්න ඕන.
මෙම සිසුවාගේ මෙම නිපදවීම ගැන ප්‍රශංසා කිරීම හා ඔහුට අනාගතයේදී නිර්මාණ කිරීමට අනුබල දිය යුතු වුවත්, ආරක්ෂක තත්වය ඉතාම දුර්වල තත්වයක පවතින රටක මෙවැනි අත්හදා බැලීම් වලට අනුබල දීම කොතරම් ඥානාන්විත දැයි දෙවරක් සිතා බැලිය යුතුය. ඔහු පවසන අන්දමට ඝන ද්‍රව්‍ය යොදා ක්‍රියාත්මක රොකට්ටුවක් ක්‍රියා කිරීම ආරම්භ වූ පසු බාහිරව කිසිම පාලනයක් කළ නොහැකිවේ. එය හරියට අහස් ගුංඩුවක් ආකාරයට ඒ මොහොතේ පවතින තත්වයටතේ යම් ඉලක්කයක් කරා ළඟා විය හැක. කවුරු හරි මෙහි කෙළවරට පුපුරණ ද්‍රව්‍ය සවි කළ හොත් සහ නිපදවන්නා පවසන ආකාරයට කිලෝමීටර 20 දුරට යැවිය හැකි නම් මෙය ඉතාමත් භයානක අවියක් විය හැක. සේනාධිනායක තුමා මෙම අංශයෙන් ප්‍රවීනයෙකු නොවී මේවාට පොරොන්දු දීමට යාමෙන් අනවශ්‍ය කරදර වලට මුහුන දීමට සිදු විය හැක.
ගොඩක් හොඳයි..
රොකටය යන නම ඇසූ පමණින් කල බල විය යුතු නැත. රොකටයක් නිකන් යැවීමෙන් පලක් නොමැත. එය එවිට නිකන් අහස් කූරක් පමණි. එයින් එක්කෝ නිරුපද්‍රිතව යමක් ඉලක්කයකට ගෙන යා හැකි විය යුතුය එක්කෝ මගින් ප්‍රවාහනය කල හැකි විය යුතුය. නැතිනම් අභ්‍යවකාශයේ අප රටේ තැනූ සැටලයිටයක් තැන්පත් කිරීමේ හැකියාව තිබිය යුතුය. මා දන්නා හැටියට ඒ සඳහා පොලවෙන් නික්මුම් ප්‍රවේගය පැ සැ 25000 කට වඩා අධික විය යුතුය. මා ඉහත කී දෑ සඳහා කොපමණ දුරක් යා යුතුද? උත්සාහය අගය කල යුතුය.