IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝකිලායි කුරුලු අභයභූමිය ගොඩකර ගොවිතැනට සැරසෙති

(සිතුම් චතුරංග)
 
මුලතිව් , කෝකිලායි , කොක්කුතුඩුවායි හි කුරුලු අභයභූමියට අයත් ප්‍රදේශය කිසියම් පිරිසක් විසින් ගොඩකරමින් වී ගොවිතැන් ඇතුළු  බෝග වගා ආරම්භ කරමින් සිටින බව ප්‍රදේශයේ ජනතාව පවසති.
 
විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිසක් අභය භූමියේ පැවති අක්කර 100 කට  අධික ප්‍රමාණයක් හා එම භූමියේ කඩොලාන සහිත ප්‍රදේශයක් ඩොසර් රථ යොදාගනිමින් එළිපෙහෙලි කර  වන වගාවන් හා කුඹුරු වගාවන් ආරම්භ කර ඇති  බවද ඔවුහු පවසති.
 
ප්‍රදේශයේ දේශපාලඥයින්ගේ හා රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙම ඉඩම් එළිපෙහෙළි කර වගාබිම් ආරම්භ කර ඇති බවත් එම තත්වය හේතුවෙන් ප්‍රදේශයේ වන සතුන් හා වල් අලින් අවට ගම්මානවලට ගම්වැදීම හේතුවෙන් එම ජනතාවගේ වගාබිම් විශාල හානියක් සිදුවි ඇති බව පෙන්වා දෙති.
       
කුරුලු අභය භූමියක් මෙලෙස විනාශකර  වගා ආරම්භ කිරීම පිළිබඳ ප්‍රදේශවාසීන් ලෙස තමන් දැඩි කම්පනයට පත්ව සිටින බවත් මෙම තත්වය හේතුවෙන් අවට වනාන්තර වලද පරිසරයට දැඩි බලපෑමක් සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
 
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල දැන්වීම් පුවරු යොදා ඇතුළුවීම තහනම් කර තිබියදී මෙම වගාවන් සිදුකර  තිබේ.
 
ඇතැමුන් වගාබිම් වෙන්කරගෙන ඇති අතර ප්‍රදේශිය සභා මාර්ගයෙන් එම වගාබිම් වෙත ඇතුළුවීම සඳහා නව මංමාවත් ද සකස් කිරීම ආරම්භ කොට ඇති අතර මේ සඳහා දේශපාලඥයින්ගේ මැදිහත්වීම හේතුවෙන් වන විනාශය නවත්වා ගැනීමට කිසිවෙකුට නොහැකිවී ඇතැයිද කීය. 
 
අභය භූමිය හෙළි කිරීම සම්බන්ධයෙන් මුලතිව් වනජීවි අඩවි වන නිලධාරී හේමජිත් මනුප්‍රිය මහතාගෙන් විමසීමේදී පවසා සිටියේ ඉඩම් ගොඩකර ඇති ප්‍රදේශය වනජීවි දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශයක් නොවන බවට ප්‍රකාශ කළ හැකි බවයි.
 
කුරුළු අභයභූමියක් බවට සඳහන් කර  නාම පුවරුව තිබුණද වනජීවි දෙපාර්තමේන්තුව සතු ඉඩමක් නොවන බව පෙන්වා දුන්නේය.
 
මේ පිළිබඳ තමන් ඇතුළු නිලධාරීන් දීර්ඝ ලෙස සොයාබැලීම් සිදුකළද මෙහි භූමිය අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවත් පැවසීය.
 
මුලතිව් ,කෝකිලායි , කොක්කුතුඩුවායි හි කුරුළු අභයභූමියට අයත් ප්‍රදේශය අත්පත්කරගනිමින් වගාබිම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපාවතී කේදීශ්වරන් මහත්මියගෙන් සිදුකළ විමසීමකදී ඇය පවසා සිටියේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් වාර්තා වී නොමැති බවත් එම සිදුවීම සම්බන්ධයෙන් තමා සොයා බලා පිළිතුරක් ලබා දිය හැකි බවත්ය.



අදහස් (11)

කෝකිලායි කුරුලු අභයභූමිය ගොඩකර ගොවිතැනට සැරසෙති

Dilan Wednesday, 09 October 2019 02:01 PM

අන් කිසිඳු ආණ්ඩු කාලයක සිදුනොවූ ආකාරයේ පරිසර විනාශයක් මේ ආණ්ඩු කාලයේ සිදුවුණා. කිසිම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වුනේ නෑ. සංචාරකයන් එන්නේ මේවා බලන්න මිසක් කොළඹ කුණු බලන්න නොවේ. මේවා ගැන සොයාබලන්න කවුරුවත් නෑ. රටේ ප්‍රශ්න ගැන සොයාබලන්න වගකීමක් ගන්න බැරි ආණ්ඩුවක් කවදාවත් බලයට ගේන්න එපා.

:       3       399

athuraThursday, 10 October 2019 05:51 AM

හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ, අරක, මේක හැමදේම හැදුවෙත් කැලේ කපලා තමයි. මොකද එහෙ කාන්තාර තිබුනේ නැහැනේ. හැබැයි ඒ කාලේ ඔය මහත්වරු කොහෙද හිටියේ?

:       59       43

DilanThursday, 10 October 2019 08:11 AM

රාජපක්ෂ ආණ්ඩුව කාලේ වනාන්තර විනාශ නොකළ බව මම කියල තියෙනවද ? මම කිව්වෙ වන සංරක්ෂණ හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වලට අයත් විල්පත්තුව වැනි විශාල වන සංහාර මීට පෙර සිදු නොවූ බවයි. සංවර්ධන ව්‍යාපෘති වලට කැලෑ කපන එකයි පුද්ගලික දේවල් වලට කැලෑ කපන එකයි දෙකක්.

:       2       24

athuraFriday, 11 October 2019 04:06 AM

මොනතරම් ලොකු වන විනාශයන් ඒ කාලෙ සිදුවුනත් ඒවා මාධ්‍යයේ පළවුණේ නැහැ ඩිලාන් මහත්මයො.ඒ කාලෙයි මේ කාලෙයි වෙනස ඒකයි.

:       0       0

රජින්ද Wednesday, 09 October 2019 02:49 PM

කාලකන්නි දේශපාලකයෝ, සහයෝගය දෙමින් මේ රටේ පරිසරය නැත්තටම නැති කරලා දාන්න කරන මේ මුග්ධ වැඩ සිවිල් සංවිධාන සහ මේ අවට ගම්මාන වල ජීවත්වෙන මිනිස්සු ඉදිරියට ඇවිත් විරෝධය දක්වන්න. එතකොටවත් මේ රටේ මිනිස්සු ඔබලා සමග එකතු වෙයි. දැන් මේ රට බේරගන්න වෙලා තියෙන්නේ සිවිල් පුරවැසියන් වන අපිටම තමයි.

:       0       221

ජයරත්න Wednesday, 09 October 2019 03:10 PM

පරිසර ඇමති ජනාධිපති නේද..?

:       54       37

Chandana F Wednesday, 09 October 2019 03:33 PM

මේ සැමදේටම දේශපාලකයන් වගකියන්න ඕනෑ..

:       0       116

Akila Wednesday, 09 October 2019 04:26 PM

ඡන්දෙ ගන්න කරන වැඩක් වගේ.., අර කලාවැවේ අලි එලවපු දේශපාළුවට විරුද්ධව කිසිම ක්‍රියා මාර්ගයක් නැහැ තවම...

:       0       141

දිමුත් Thursday, 10 October 2019 04:13 AM

ඒ පැත්තට වෙන නීතියක්ද?

:       1       15

sharm warn Thursday, 10 October 2019 10:20 AM

ඉස්සෙල්ලාම විල්පත්තුව... දැන් කුමන යාලත් දෙමුකෝ කාට කාට හරි පුළුවන් දෙයක් වවන්න කියලා. සත්තු ටික ඉතින් දඩමසටවත් ගන්න බැරියැ. ඡන්ද ටිකක් ගන්න පුළුවන් නම්... මොන අභය භුමිද..?

:       1       1

ajith Friday, 11 October 2019 02:40 AM

මෙම අපරාධය වහාම නවත්වන්න. රට පාලනය කරන්න හරි. කාලා විනාශ කරන්න හරි පරිසරය සමග රට ආරක්ෂා කල යුතුයි. මේ දෙගොල්ලන්ම කලේ බලය වනුවෙන් රට විනාශ කරපු එක තමයි. 2020 න් පස්සෙත් ඔය ටිකම නොවුනොත් තමයි පුදුමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site