
(ජයන්ත සමරකෝන්)
කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට බන්ධනාගාර මූලස්ථානය කටයුතු කරයි.
ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක්ද කර තිබේ.
වැලිකඩ, මැගසින්, කොළඹ, රිමාන්ඩ් බන්ධනාගාරවල හා කාන්තා අංශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා අනුඛණ්ඩයක් යෙදවීමට නියමිත බවද බුද්ධි අංශ පවසයි.
ප්‍රමාණයත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැතිවීමත්, ආරක්ෂක කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමත් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමට බන්ධනාගාර මූලස්ථානය බලාපොරොත්තු වේ.
මේ වනවිට බූස්ස හා අගුණකොළපැලැස්ස බන්ධනාගාරවල ආරක්ෂාව හා පරීක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයින් යොදවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ තීරණයක්... ඕවා ඇතුලේ ඉන්නෙ මල් කඩන්න ගිහින් අහුවුණු අය නෙවෙයිනේ... පහුගිය කාලේ මැරයන්, කුඩු කාරයින් පිණුම් ගහලා තියෙනවා. ඒ නිවටයින් පාලනයේ ඉන්නකොට සිදුවන දේවල්. නිවැරදි යමක් සිදුවෙමින් පවතිනවා...
හොඳ අදහසක්... බන්ධනාගාර නිලධාරීන්ට පූසෙක්වත් රැකගන්න බැහැනේ..
හිටපු ආරක්ෂක ලේකම් හමුදාව අරගෙන ගිහිල්ලා නේද 15ක් මැරුවේ හිරගෙදරදීම...?