(රන්ජන් කස්තුරි, ආරියරත්න රණබාහු සහ මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකාවෙන් ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිත පළමු රෝගියා හමු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (27) නිවේදනය කළේය.
සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවක් පසුගිය 25 වැනිදා අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් වී ඇති අතර ඇයට චීනයේ සීඝ්‍රයෙන් පැතිර යන ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇතැයි කියන මෙම කාන්තාව පසුගිය 25 වැනිදා අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් කර ඇත.
‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි කියන මෙම චීන ජාතික කාන්තාව අයි.ඩී.එච්. උණ රෝහලේ විශේෂිත ඒකකයේ රඳවා ආරක්‍ෂිතව ප‍්‍රතිකාර කරන බව එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය විශේඥ අනිල් ජාසිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි කියන මෙම කාන්තාව තවත් චීන ජාතික කණ්ඪායමක් සමඟ පසුගිය 19 වැනිදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇතැයි පැවසීය.
ලංකාවේ සංචාරය කළ මෙම පිරිස යළි චීනය බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපළට ගොස් සිටියදී අදාළ කාන්තාව උණ රෝගයෙන් පෙළීම නිසා ඇය අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඇය සමඟ පැමිණි අනෙක් පිරිස චීනය බලා පිටත්ව ගොස් ඇතැයිද පැවසු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිත මෙම කාන්තාව ඇතුළු පිරිස නවාතැන් ගත් ස්ථාන මේ වන විටත් හඳුනාගෙන ඇති බවත් ඒ ස්ථාන සෞඛ්‍ය නිලධාරීන් විසින් විශේෂ පරීක්‍ෂාවට ලක් කරන බවත් වැඩිදුරටත් පැවසීය.
මේ අතර අයි.ඩී.එච්. උණ රෝහලේ ආරක්‍ෂිතව ප‍්‍රතිකාර ලබන තවත් රෝගීන් හතර දෙනෙකුට වැළදී ඇත්තේ ‘නව කොරෝනා’ වෛරස් උණ රෝගය නොවන බව පරීක්‍ෂණ වලදී තහවුරු වී යැයිද රෝහල් ආරංචි මාර්ග සනාථ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයෙන් මිනිස්සු එන එක දෙවරක් හිතන්න වෙනවා දැන් නං.
මෙම තත්වය මෙතකින් අවසන් වෙිවායැයි පතමු. එසේ වවුද මෙයට දේශපාලනය ඈඳා ගැනීම සිදුවනු ඇත. වත්මන් පාලකයන් දළඹු වසංගතය කාලේ හැසිරුන ආකාරයට වත්මන් විපක්ෂය හැසිරීම සිදු නොවේවා යන්න අපගේ පැතුමයි
විපක්ෂයට තම ප්‍රශ්නය අමතක කිිීීීීීමටත් ආණ්ඩුවට රටේ ප්‍රශ්නය යට ගැසීමටත් කදිම අවස්ථාවකි
කරුමේ තමයි
ඔය තියෙන්නේ චීනෙන් තවත් ආධාර... දැන් හොඳ වෙලාව වාසු මලයට වතුර ගාන උඩට නග්ග ගන්න...
අසනීපයක් හැදුනහම අනික් අයට බෝ නොකර ඉන්න උත්සාහ කරන්න එපාය.
කොහොමත් රෝගය බෝ වෙලා දින කිහිපයක් යනකන් ස්කෑනර් යන්ත්‍ර වලට අහුවෙන්නේ නැහැ. උණ හැදුන අය විතරයි අහුවෙන්නේ. මේක එන එක වලක්වන්න බැහැ. එක සැරයක් මෙහෙම වෙන එකත් හොඳයි. හොඳ පුරුදු ඇතිකරගන්න හොඳ පාඩමක්. අනිත් එක අපේ රටේ පොල් පටවනවා වගේ බස් වල මිනිස්සු පටවන ක්‍රමය වගේ ඒවත් වෙනස් කරගන්න වෙයි. නැත්නම් වසංගත පාලනය කරන්න බැහැ.
නිකමට හරි සිරිසේන මහත්තයා හිටියානම් මේකත් යන්නේ ඔහුගේ පිටින්. මිනිස්සු කියයි චීන්නුන්ට එන්න නොදී ඉන්න තිබුනා. එහෙම කරන්නත් කොන්ද පණ නෑ කියලා.. බලන් ගියහම ඔක්කොම එක වගේනේ.
ඇයි තවම චීන්නුන්ට මේ රටට එන්න වීසා දෙන්නේ ? තාවකාලිකව චීනයට විසා දීම නවත්වන්න පාලකයින් වහාම පියවර ගතයුතු වෙනවා.
හරිම කණගාටුයි. ලංකාවේ නමත් කොරෝනා වෛරසය තියෙන රටක් ලෙස තීරණය වීම. අපේ රටටත් දෙවියන්ගේ පිහිට තමයි.
කොහොමත් එන බව දැනගෙන හිටියා. ප්‍රශ්නෙට තිබුනේ එන්නේ කවදද කියලා විතරයි. දැන් ඒකත් හරි. දැන් ඉතින් වෙද හෙද කට්ටියට උද්ඝෝෂණයක් එහෙම පටන් අරන් පඩි වැඩිකරගන්නත් පුළුවන් වෙයි.
බය වෙන්න එපා . ඕකට දැන් ළඟදීම වේද මහත්තයෙක් දේශීය බෙහෙතක් හොයා ගනීවි
මෙයා චීනය බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපළට ගොස් සිටිය නම් ඒ එක්ක ගුවන් තොටුපොළේ සිටි අනෙකුත් අයත් අනතුරුදායක තත්වයක නේද ඉන්නේ?
චීනයට දොස් නගන අය මතක තබා ගත යුතු කරුණක් ඇත. ලෝක ආර්ථිකයෙන් 30% පමණ චීනය මත රදා පවතිනවා. චීනයේ ආර්ථිකය වැටුනොත් ඔය බණ දෙසන අයටත් ඒකේ විපාක විදින්න වෙනවා. එතකොට පවතින රජයට දොස් පවරලා වැඩක් නැහැ. බුද්ධිමත්ව සිතන අය ලෝකයට වැදගත් කාලයක් මේ. දැනටත් ඇමරිකාව ඒ පිළිබදව අනතුරු අගවා තිබෙන බව අමතක කරන්න එපා.
පසුබට මෙම උවදුර පහව යනතෙක් චීන ජාතිකයන්ට ලංකාවට පැමිණීමට අලුතෙන් සංචාරක විසා නිකුත් කිරීම තාවකාලිකව නවත්වන්න , නැතිනම් වෙන්නේ මහා විනාශයක්
දැන් මේ චීන කාන්තාව ලංකාවේ ඇවිදපු තැන්වල ලංකවේ කීදෙනෙක් ට මේ රෝගය බෝ කරලද කියල හොයන්නේ නැත්ද ? හොදම දේ තමයි චීනෙන් මෙරටට සංචාරකයන් එන එක තවකාලිකව තහනම් කරන එක.
කිව්වේ නම් කටුනායක ගුවන් තොටුපලේ උපරිම ආරක්ෂක පියවර අරන් තියෙන්නේ වෛරසය තියෙන කිසි කෙනෙකුට එන්න බෑ කියලනේ. දැන් ඔය ඇවිත් දවස් 6ක්ම රට වටෙත් ගිහින් තියෙන්නේ. කී දෙනෙක්ට මෙයාගෙන් මේ වෛරසය ඇතුල්වෙන්න ඇද්ද? මේ ආණ්ඩුව නමි චීන්නු මෙහාට එන එක තහනම් කරයි කියලා හිතන්න එපා. චීනා කිව්වම පරමාණු බෝම්බයක් බැඳන් ආවත් පිළිිගන්න අයනේ. දැනටත් දහස් ගනනක් චීනෙන් මෙහාට එනවා වෙන රටවල ඒක පාලනය කරලා නිසා. අපිට අපේ පිහිටම විතරයි.