ඉදිරි මාස හතර ඇතුළතදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කරන ලද දත්ත විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.
ජූනි මාසය දක්වා එහි අඩුවක් නොවනු ඇතැයි ද එම දත්තවලින් කියැවේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ‘වෛද්‍ය පාසල’ මෙම දත්ත විශ්ලේෂණය කර ඇත.
රෝහල් ගත කර ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන අප්‍රේල් දෙවැනි සතියේදී වේගයෙන් ඉහළ යනු ඇතැයි ද ඇතැම් ප්‍රාන්තවල ආසාදිතයන්ගේ ගණන ඊට පසුවද ඉහළ යා හැකි යැයි පැවසේ.

ඒ නිසා ජූලි මාසයේදී වුවද කොරෝනා වයිරසය නිසි මිනිසුන් මිය යා හැකි යැයි ද එසේ වුවත් හෝ එය වසංගත හෝ එවැනි තත්ත්වයක් නොවනු ඇතැයි ද දත්ත විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත. ජූනි මාසය වනවිට කොරෝනා වයිරසය නිසා දිනකට දස දෙනකු මිය යා හැකි යැයි ද එම දත්ත විශ්ලේෂණයෙන් කියැවේ.
ආණ්ඩු, රෝහල් සහ අනෙකුත් මූලාශ්‍ර භාවිත කරමින් මෙම විශ්ලේෂණය කර තිබෙන අතර කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවිය හැකි මරණ ගණන ඉතා පුළුල් අගයක් ගන්නා බව ඉන් අනාවරණය වී තිබේ. ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවිය හැකි මරණ ගණන 38,000ත් 162,000ත් අතර විය හැකි බව ඉන් පැවසේ.
‘‘මේ වෙනසට හේතුව වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමයි. අනෙක් අතට විවිධ කලාපවල වයිරසය ව්‍යාප්ත වෙන්නේ වෙනස් ආකාරවලින්. මේ තත්ත්වය තවමත් විශේෂඥයන්ට පවා පැහැදිලි කරන්න බැහැ’’ යැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිස්ටෝපර් මරේ පැවැසීය. මෙම අධ්‍යයනය කෙරුණේ ඔහුගේ මූලිකත්වයෙනි.
‘‘මේ වයිරසය කොතරම් කාලයක් පවතීවිද කියලා අපට කියන්න බැහැ. ඒ කාලය කොතරම් ද ඒ අනුව අපි මුලින් හිතුවාටත් වඩා කාලයක් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්න වෙනවා. අපි පලදායී ලෙසින් පරීක්ෂා කිරීම් කළොත් සහ අසනීප අය නිසි පරිදි නිරෝධායනය කළොත් පනවා තිබෙන සීමා ලිහිල් කරන්න පුළුවන් වේවි’’ යැයි ද හෙතෙම කීය.
කොරනා ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ රෝහල්වලට ද දැඩි පීඩනයක් එල්ල වන ආකාරය මෙම විශ්ලේෂණයෙන් පෙන්වා දී ඇත. වසංගතයේ උච්ඡතම අවස්ථාවට පැමිණි විට රෝහල්වල ඇති ඇඳන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ද එයින් පෙන්වා දී තිබේ. දැනට ඇති ඇඳන් ප්‍රමාණය 64,000 දහසකි. එමෙන්ම ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) 20,000ක් අවශ්‍ය බව ද මෙම විශ්ලේෂණයෙන් පෙනී ගොස් තිබේ. නිව්යෝක් නගරයට දැනටමත් ස්වසන සංවාතන යන්ත්‍රවල හිඟයක් මතුව ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, අද රාත්‍රී 10.45 පමණ විට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 125,433ක් ලෙස දැක්විණි. මරණ ගණන 2,201ක් වූ අතර කොරෝනා වයිරසය ආසාදනය වූ සුව වූ පිරිස 2,612ක් ලෙස සටහන් විය.
රොයිටර්
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා තද ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම්, මේ රෝගය ඉතා තදින් පැතිර යාවි. ලංකාවේ දුරස්ථ වීම මීටර 1 මදි . එංගලන්තේ මීටර 2, ඕස්ට්‍රේලියාව මීටර 1.5 , කිඹුහුමක හෝ කැස්සක බින්දු විසි විය හැකි දුර මීටර 6 -10 අතර. බොහෝ දෙනෙකුට කතා කරන කොටත් කෙල විසි වෙනවා.. පෙනෙන්නේ නැති වුණාට...
මෙහි සාදන ගණන වැරදිය.. බලන්න ජාත්‍යන්තර අනික් මාධ්‍යයන් 100 000 සිට 2 00 000 දක්වා මරුට පත්වීමට හැකියාව ඒ රටේ තිබෙනවා... මේ තිබෙන තත්වය අනුව...
මෙ අයට පුළුවන් ටක්කෙට විශ්ලේෂණය කරන්න විතරයි. ලංකාව ඇමෙරිකාවට වඩා ගව් ගාණක් ඉදිරියෙන් මෙ ප‍්‍රශ්නයේදී... ලංකාවෙ සෞඛ්‍ය ආරක්ෂක හා රජයේ සේවා වලට ජයවෙවා..!!!
ඇමරිකාව තිබෙන්නේ යුරෝපෙට වැඩිය පහල මට්ටමක. යුරෝපයේ සෞඛ්‍යයේ සේවා වලටත් මේ තත්වය දරන්න බැහැ එවිට ඇමරිකාව ගැන කුමන කතාද ? කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ තව මාසයක් ගතවෙන්කොට අනිවාර්යයෙන් ඇමරිකාවේ මිලියන දෙකකට පමණ කොරෝන හැදිලා ලක්ෂ දෙකක් පමණ මැරෙනවා. මෙයට වග කියන්න ඕනේ මුරණ්ඩු ට්‍රම්ප් පාලනය. මුලින්ම නිව්යෝර්ක් වැනි නගර වහල දැම්මනම් මේ තත්වය පාලනය කරගන්න තිබුනා.