වසංගත රෝග විද්‍යා අංශය අද(15) උදෑසන 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 653 දක්වා අඩු වී තිබේ. අද දිනයේදී සුවය ලබා 13 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමඟ, ප්‍රතිකාර ලබන සංඛ්‍යාව එම අගය ගෙන ඇත.
ඊයේ(14) රාත්‍රී 9.30ට නිකුත් කළ වාර්තාවට අනුව රෝගීන් ගණන 666ක් විය.
ශ්‍රී ලංකාවේන් හමුවී ඇති සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2665 ක් වන නමුත් ඔවුන් අතරින් 2001 දෙනෙකු මේ වන විට සුවය ලබා ආපසු නිවෙස් බලා පිටව ගොස් තිබේ.
අද දිනයේදී සුවය ලබා ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 4දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් 5දෙනෙක් ද, මිනුවන්ගොඩ රෝහලෙන් පුද්ගලයෙක්ද, පනාගොඩ යුද හමුදා රෝහලෙන් 3දෙනෙක්ද වෙති.
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය සිව්දෙනා අතර විදේශිකයෙකුද වන බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
කෙසේවෙතත් අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් 150 දෙනෙකු සිටින බවද එම වාර්තාවේ දැක්වේ.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ලබාගත් රෝගීන් අතුරින් මේ දක්වා මියගොස් ඇත්තේ රෝගීන් 11 දෙනෙකු පමණි.

2025 දෙසැම්බර් මස 04
424
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
411
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 653ට බසී
sena Wednesday, 15 July 2020 08:16 AM
මුලු ලෝකේම කොරෝනා රෝගීන් ගැන වාර්තා හදන්නේ වාර්තා වූ රෝගීන් ගණනෙන් අපේ රටේ විතරක් ප්‍රතිකාර ලබන ලෙඩ්ඩු ගැන කියනවා. මෙච්චර බාල විදිහට මිනිස්සු නොමග යවන්න හදන එක වැරැදියි.
Sunil milanoWednesday, 15 July 2020 09:14 AM
සේන, රමිත්... මේ වගේ ඔල මොට්ටලවුන් ලංකාවේ ඉන්දෙද්දී ... ලංකාව හදනවා බොරු. සේරටම ඉස්සරවෙලා.... මේ වගේ අය පුනරුත්ථාපනය කරලා ඉන්න.
අලවිරුවාWednesday, 15 July 2020 09:45 AM
ඔහේ වගේ සීතාම්බර සළු ඇඳන් කඩේ යන අය ඉන්නකන් මේ රට කොහොමත් හදන්න බෑ. දැන්වත් දේශපාලුවන්ට කඩේ යන එක නතර කරන්න. කඩේ යන පුරුද්ද නතර කරගන්නම අමාරු නම් රටයි, ජනතාවයි වෙනුවෙන් කඩේ යන්න.
Athula kWednesday, 15 July 2020 09:41 AM
ලෝක කොරෝනා රෝග දත්ත වාර්තාවේත් ඇක්ටිව් රෝගීන් ගණන තියෙනවා.
Ramith Wednesday, 15 July 2020 08:18 AM
තව වහලා සැර අඩුකරලා කියන්න. ඡන්දෙ ගන්නකම් කොරෝනා හැදෙන්නේ, බෝ වෙන්නේ නෑ.