
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් අටදෙනකු අද (27) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
අද දිනයේදී මිය ගිය සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වෙති.
අවුරුදු 87, 54, 78 සහ 58 යන වයස්වල කාන්තාවන් සිවුදෙනෙක්ද, 36, 83, 69 සහ 70 යන වයස්වල පිරිමි පුද්ගලයන් සිවුදෙනෙක්ද මිය ගිය අය අතර වෙති.
මෙම මරණ 8 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කළගෙඩි දෙක තුනක් ගඟක දෙකක පා කරලා හැරියා නම් .... ඇප එපා... මේක මදි වෙනවා එතකොට...
විශ්ව ශක්තියෙන් පිළිතුරු ගීත ගායනා කරමින් ජීවම් කරපු පිරිත් පැන් කළ තියනවා ඕනි ද?
වයිට්ගේ ශක්තිය ඉවර වෙලාද? නැතිනම් වෙනත් රටකට අපනයනය කරලාද?
අපිට මේවා වැඩක් නැහැ. දැන් ඊලඟ ක්‍රිකට් මැච් එක කවද්ද කියා දාන්න. අපි ආඩම්බරෙන් ඉන්නේ. දළදා මාලිගාව වටේ රේස් තියපු ක්‍රීඩා ඇමැති කෙනෙක් අපිට ඉන්නේ...
රට රකින්න බැඳී සිටින යුද හමුදාවක් මෙවැනි භයානක වසංගතයක් මැඩලීමක් සඳහා ලෝකයේ වෙන කිසිම රටක ඇතිද කියා දන්න කෙනෙක් ඉන්නවද? උම්මා දේවිගේ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, යුද හමුදාවත් හොඳට බැට් කරලා ‘‘සෙන්චරියක්‘‘ ගසා තිබීම නම් සතුටු වීමට කරුණක් නොවේ. ක්‍රිකට් මැච් එකකදී සෙන්චරියක් ගහන කණ්ඩායමට අපි අත්පොළසන් දෙනවා. හුරේ දානවා. නමුත් මේ කොරෝනා මරණ ‘‘සෙන්චරි‘‘ එක නිසා හඬා වැටෙන පවුල් එක්ක අපිත් දුක් වෙනවා...