(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය පාලන ක්‍රියාවලිය සඳහා රැකියා විරහිත අභ්‍යාසලාභී උපාධිධාරී අභ්‍යාසලාභීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට තාවකාලිකව අනුයුක්ත කිරීමට තීරණ කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි ඔවුන් මෙලෙස අනුයුක්ත කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා තත්වය සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කර තිබෙන බව ද ඒ අනුව මෙම තීරණය ගත් බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ට සේවයට වාර්තා කිරීමට අපහසු බැවින් හෙට(30) දිනයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී/ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කිරීම අත්‍යවශ්‍ය නොවන බවද, ඒ පිළිබඳව යථා කාලයේදී දැනුම්දෙන බවද නිවේදනයේ දැක්වේ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.