IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා ආසාදිත මවගේ බිළිඳා නිරෝගීයි

 

කොවිඩ් - 19 වයිරසය ආසාදිත මවකගෙන් අලුත උපන් බිළිඳාට වයිරසය ආසාදනය වී නොමැති බව කොළඹ - නැගෙනහිර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා තහවුරු කළේය.

පසුගිය 21 වැනිදා සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් පසුව ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව වෛද්‍යවරයා පැවසීය.

මෙම ගර්භණී කාන්තාව ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි තිබූ අතර ඇයව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබිණි.

වෛද්‍යවරු, ක්ෂුද්‍රජීව විද්‍යාඥයින් ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත පිරිසක් විසින් දරු ප්‍රසුතිය සිදුකරනු ලැබීය.

මෙම දරු ප්‍රසුතිය විශේෂිත අයුරින්, සිසේරියන් සැත්කමක් සිදුකර වයිරසය පරිසරයට මුදාහැරීම අවම වන ලෙස සිදුකිරිම විශේෂත්වයක් විය.

මේ වන විට මව සහ අලුත උපන් දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.

(535)



අදහස් (0)

කොරෝනා ආසාදිත මවගේ බිළිඳා නිරෝගීයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site