
(විනීතා එම් ගමගේ)
කොළඹ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
එම පිළිසකර කටයුතු නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පෙරවරු 8.30 ට ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඉකුත් වසර හතර හමාරක පමණ කාලයේ දී නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් එම වෙළඳ සංකිර්ණයේ වෙළෙඳ සැල් වලින් සියයට අසූවක් මේ වනවිට වසා දමා ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
එමෙන්ම එකී පාවෙන වෙළඳ සැල් පවත්වාගෙන යන ඇලෙහි ජලය අපිරිසිදු වීම හේතුවෙන් දැඩි පාරිසරික ප්‍රශ්න මතුවී ඇති බවත් මේ නිසා ඉක්මණින් එහි පිළිසකර කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු ලංකාදීපයට පැවැසීය.
මේ පිළිබඳ අවධානය යොමුකළ නාගරික සංවර්ධන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පිළිසකර කටයුතු වහා අරඹන්නැයි අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව ද හෙතෙම කියා සිටියේය.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාව සිටියදී ඔහුගේ සංකල්පයක් අනුව ඉදිවූ මෙම පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කරන ලද්දේ 2014 අගෝස්තු 25 වනදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පටන්ගත්තත් මේක කිසිම ආර්ථික පදනමක් නැතුව හැදුව එකක් බව ප්‍රයෝගිකව උප්පු වෙලා ඉවරයි.
එක්කෙනෙක් පත් වෙද්දී හදනවා අනිකා පත් වුනාම අතාරිනවා ආයේ අනිත් කෙනා ආවම හදනවා.
ඉතාම හොඳ ප්‍රොජෙක්ට් එකක්. මේකෙන් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් හරියට කලොත්.
නැවත ආරම්භ කිරීම් හොඳයි... මෙහි වෙළඳාමක් වෙන්න නම් කොටුව සම්පූර්ණයෙන්ම සුද්ද කර පදික වේදිකාව සහ බස් මගීන්ට රථවාහනවලට ඉඩපහසුව සලසා දීලා පික්පොකට් කරුවන් නැතිකළ යුතුයි.
මේවගේ අගය තේරෙන්නේ දවසකට හෝ පිටරට ගිය කෙනෙක්ට... ළිං මැඩියන්ට තේරෙන්නේ එක්තරා ප්‍රමාණයකට විතරයි.
මෙතන ටිකක් බිස්නස් අඩුයි. මොකද මිනිස්සු විශේෂයෙන් මෙතෙන්ට කියලම එන්න ඕනෑ.. මෙතන තියන කෑම කඩ ටික විතරයි ඉතුරු වුනේ.. මෙතන ප්ලාස්ටික්, සෙල්ලම් බඩු, ඇඳුම් දාලා හරියන්නේ නෑ. මෙතෙන්ට ඕන වෙනම කන්සෙප්ට් එකක්... අර හෙළ බොජුන්, ඕගනික් මාර්කට් වගේ ඒවා...