IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කුසිනාරාව ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කරයි

ඉන්දියාවේ කුෂිනගර් (කුසිනාරා) ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දියානු මධ්‍යම කැබිනට් මණ්ඩලය විසින් උත්තර් ප්‍රදේශ් හි කුෂිනගර් ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පූජනීය ස්ථාන හතරෙන් එකක් ලෙස සැලකෙන කුසිනාරාව, බුදුරජාණන් වහන්සේ ‘පරිනිර්වානය’ කළ ස්ථානය ලෙස විශ්වාස කෙරේ.

පස්වැනි සියවසේ සිට කුසිනාරාවේ මහපරිණිර්වානා විහාරස්ථානයේ  පවතින බුදුන් වහන්සේගේ අතිවිශාල පිළිමයක් මේ සඳහා සාක්ෂි දරයි.  රාමබාර් ස්ථූපය හෙවත් මූලගන්ධ කුටි විහාරස්ථානය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද ස්ථානය ලෙස හැඳින්වේ.  මූලගන්ධ කුටි විහාරස්ථානය පිහිටා ඇත්තේ මහපරිණිර්වානා විහාරස්ථානය අසල ය.

කුෂිනගර් දිස්ත්‍රික්කයේ තවත් ආරාම හා බෞද්ධ සංස්කෘතික ස්ථාන රාශියක් ඇත. කුෂිනගර් ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් බෞද්ධ බැතිමතුන්ට, ඉතිහාසඥයින්ට මෙන්ම සංස්කෘතික කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට  කුෂිනගර් පමණක් නොව, ඓතිහාසිකව වැදගත් ස්ථාන වන ලුම්බිනි, කපිලවස්තු සහ ශ්‍රාවස්ති වැනි ස්ථාන ද ගවේෂණය කිරීමට අවස්ථාව සැලසේ.



අදහස් (4)

කුසිනාරාව ජාත්‍යන්තර ගුවන්තොටුපළක් කරයි

chandima Tuesday, 14 July 2020 04:47 PM

අපේ රටෙත් සීතා කොටුව වත් හරිගස්සලා නොගත්තොත් අපේ සල්ලි සේරම එහෙ තමයි නවතින්නේ..

:       125       136

සමන්ත Wednesday, 15 July 2020 12:26 AM

කුසිනාරාව ජත්‍යන්තර ගුවන් තොටුපොළක් කරන්න කලින් නේපාලය ලුම්බිණිය ආසන්නයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකලා. ඉන්දියාව මේ දේ කරන ලද්දේ ලුම්බිණිය ගුවන් තොටුපල වට්ටන්න.

:       124       205

දිමුත් Wednesday, 15 July 2020 06:22 AM

අපේ අය කළා නම් පුරාවස්තු උඩින් තමයි හදන්නේ..

:       6       39

Janaka Wednesday, 15 July 2020 09:12 AM

ඔක්කෝටම ඉස්සෙල්ලා ලංකාවේ පොලිසිය හදලා ඉන්න.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site