IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තිදෙනෙකුට කොරෝනා

තිළිණි ද සිල්වා )

කුවේට්යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවකයින්  තිදෙනෙකුට  හා එම තානපති කාර්යාලය බාරයේ පවත්වන  සුරක්ෂා නිවාසයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මේ හේතුවෙන් තානාපති කාර්යාලය ඊයේ (26) සිට සති දෙකකට තාවකාලිකව වසා දැමූ බව ෙඑම තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.

එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන රියදුරෙකුට , භාෂා පරිවර්තකවරයෙකුට හා තවත් සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර තානාපති කාර්යාලයට යාබදව පිහිටි සුරක්ෂා නිවස්නයේ තානාපති කාර්යාල රැකවල් මධ්‍යයේ සිටින මෙරට කාන්තාවන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට කුවේට් සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇතැයි එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම කාන්තාවන් පිරිස ⁣ගෘහ සේවය , පවිත්‍රතා සේවාවන් ඇතුළු  රැකියා වලට පැමිණ පොරොන්දු වු පරිදි වැටුප් නොලැබ , හාම්පුතුන් ගේ විවිධ වද හිංසා වලට ලක්වීම නිසා තානාපති කාර්යාලයේ රැකවල් යටතේ සිටි අය වෙති.

මෙවැනි තත්ත්වයක් යටතේ තානාපති  කාර්යාලයේ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් හා කොන්සියුලර් සේවා සඳහා පැමිණෙන ලාංකිකයින් ගේ ආරක්ෂාව වෙනුවෙන්  හේතුවෙන් මෙම තීරණය ගත් බවද එම තානාපති කාර්යාලය අද (27)  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ හතළිස් හතර දෙනෙකුට එම වයිරසය  ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය ඔක්තෝබර් මස 11 වන දින දක්වා වසා තැබෙනු ඇත. 

මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බවද කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

තානාපති කාර්යාල සේවකයින් තිදෙනා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත නිරෝධායනයට යොමු කර ඇති අතර අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එම වයිරසය වැළදී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කරමින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සේවය කළ අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟ එම කාර්යාලය ද සති දෙකක කාලයකට තාවකාලිකව වසා දමා තිබූ අතර එය අද (27) සිට යළිත් මහජනතාවට විවෘත කෙරිණි.

ඊට අමතරව කටාර් හි දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම තානාපති කාර්යාලයද ඉකුත් සතියේ දී තාවකාලිකව වසා දැමූ අතර එය ලබන ඔක්තෝබර් 05 වැනිදා යළි මහජනතාවට විවෘත කෙරේ.

 



අදහස් (0)

කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තිදෙනෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site