(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කළ ප්‍රදේශයක සිදුකළ කැනීම් වලදී ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානය සතු යුද උපකරණ , මිනිස් අස්ථි හා නිල ඇඳුම් තොගයක් හමු වූ බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පසුගිය මස 22 දා මුහමාලෙයි බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි විදෙස් සංවිධානයක සාමාජිකයින් හට පළමුව කොටි සංවිධානය සතු නිලඇඳුම් හා ගිනි අවි කොටස් කිහිපයක් සමඟ මිනිස් අස්ථි කිහිපයක්ද හමු වූ අතර පසුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජා මහතාගේ නියෝගයක් මත පසුගිය 26 වැනිදා අදාල ස්ථානයේ පළමු කැනීම් සිදු කිරීමට කිලිනොච්චිය පොලිසිය පියවර ගනු ලැබීය.
මේ අනුව පළමු අදියරේදී මිනිස් අස්ථි, ගිනිඅවි, එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිලඇඳුම් කිහිපයක් හමු වූ අතර ඊයේ (02) දිනයේ දෙවන අදියරේ සිදු කරන ලද කැනීම් වලදී මිනිස් අස්ථි කොටස් 14 ක්, මැගිසින් දෙකක්, සයිනයිඩ් කරලක් ,පතුරම් 34 ක් වශයෙන් හා එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ නිල ඇඳුම් කොටස් කිහිපයක්ද හමු වී ඇත.
මේ අනුව දෙවන අදියරේ කැනීම් කටයුතු ඊයේ දිනයෙන් අවසන් වූ අතර නැවත එලඹෙන ජුනි මස 09 වැනිදා තෙවන අදියර ආරම්භ නියමිත බව පරීක්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේය.



COMMENTS
ඡන්දෙත් කිට්ටුයි.. හෙට අනිද්දා වෙනකොට තව බඩු හම්බවෙයි...
මේවා අවුස්සගන්න එකේ තේරුමක් නැහැ.. යුද්ධයක් තිබුණු මිනිසුන් මරුණ නමුත් ජාතියක් හැටියට මරාදැමුණු පොලිස් නිලධාරින් 800 දෙනාගේ සිරුරු සොයාගැනීමත් එම ස්ථානයේ ස්මාරකයක් ඉදිකිරීමත් එම නිලධාරින්ගේ පූල්වලට ගරුකිරීමක් වනඅතර නැවත එවැනි වැරදි තීරණ නොගැනීමට පාලකයින් දැනුවත් වීමත් සිදුවනු ඇත...
ඉදිරියේදී ඔයිට වඩා දේවල් ලැබේවා. හැබැයි ඡන්දෙ ඉවර වෙනකං විතරයි.
මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ සෙල්ලම තාම ඉවර නැද්ද?