(උපාලි රණවීර)
කිරිඳිවැල නගර මධ්‍යයෙන් ගමන් කරමින් තිබූ මෝටර් රථයක් දොම්පේ ප්‍රාදේශීය සභා පුස්තකාලය ඉදිරිපිට මාර්ගයේදී අද(13) හදිසියේ ගිනි ගෙන ඇත.
එකම පවුලේ පිරිසක් රැගත් මෙම මෝටර් රථය නුවරඑළියේ සිට රදාවානට ධාවනය වෙමින් පැවති අතර එය ගිනිගැනීමත් සමඟ ඔවුන් රථයෙන් ඉවත්වී තිබේ.
නගරවාසීහු ගින්න මැඩ පැවැත්වීමට පියවර ගත්හ.
මෝටර් රථයේ අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දරුවා ගමන්ගෙන ඇති අතර, ගින්නනෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහමඟ කරදරයකදී උදව් කිරීම අනිවාර්යයෙන් අගය කළ යුතුයි.
කරදරයකදී උපකාරී කිරීමේ උතුම් ගුණය අප සමාජය තුළ හොඳින්ම තියෙනවා. එවැනි දේ දිගටම පැවතිය යුතුයි