
කොරෝනා වයිරසය මැඩලීම සඳහා පැණියක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික වෙදමහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වෙදමහතා බටහිර වෛද්‍යවරයකුට පහරදුන්නේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා පේරාදෙණිය පොලීසියට කළ පැමිණිල්ලක් අනුව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
වෛද්‍යවරයා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහු සමඟ ඇති වු බහින් බස්වීමක් සමඟ දෙපිරිස අතර ගැටුම්කාරී තත්වයක් උදා වූ බවද එහිදි තමාට පහරදීමක් සිදු බවද වෛද්‍යවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
ඒ අනුව ධම්මික බණ්ඩාර මහතාට එරෙහිව මෙම පරීක්ෂණය අරඹා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි මේ වෙදෙක්ද?
අයියෝ මෙහෙම විහිළු සපයන රටක්..!!!
දැන් මෙයා කිව්වොත් ඒ පහර දුන්නේ මම නොවේ, කාලි වෙන්නැති කියලා ... උසාවියෙන් මෙයා නිදහස් කරයිද?
අද ගෝඨාටත් වඩා සාර්ථකම පුද්ගලයා ධම්මික බාස්උන්නැහේ. හැම ඇමතියෙක්ම ගෝඨා ගැන නොකිව්වත් ධම්මික ගැන කියනවා. විස්සයි විස්සේ ලංකාවේ මෑන් ඔෆ් ද ඉයර්... බදාම සෝදා ගත් කළ ජනාධිපතිකමටක් සුදුසුයි.
පැණිය කොඩි විනයක් වූ ආකාරය, අන්තිමට පැණිය පාතාලේ එක්කත් ලින්ක් එකක් තියෙනවා කියලා ටික දවසකින් අහන්න ලැබෙයි, ලංකාවට ගිය කලක්...
තමන්ගේ ගෙදරට ඇවිත් වලි දානකොට ගහලා පන්නන්න ඕනෑ. ධම්මික මහතා නිවැරැදියි.
මෙයාවත් 4කට ඇතුළට දායිද?
එහෙම වියයුතු වුණත්... ඓහෙම වෙන රටක් නැහැ. මොකද රාජ්‍ය අනුග්‍රහයෙන් රඟ දක්වපු නාටකයේ ප්‍රධාන නළුවනේ..
මෝඩකම්වලට දඬුවම් ලැබෙන හැටි... ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න එපැයි.. මේ වගෙ මෝඩ මිනිස්සු ඉස්සරහට දාගෙන කරපු නාඩගම් වල ප්‍රතිඵල නේද මේ..?
පොලිසියට හොයාගන්න බැරි වෙයිද දන්නේ නැහැ.
හපොයි විමලෙගේ මැෂිම දැන් මිරිස් අඹරන්නද?
සිංහල බෙහෙත් වට්ටෝරුවල අතුරු ආබාධ පෙන්වලා නැහැ. ඒක වෙනම කතාවක්.. නමුත් මේ විරුද්ධතාවය පැණියටවත්, වෙදමහතාටවත් නොවේ. රජයට විරෝධය පෑමට යොදාගත් තවත් එක දෙයක් පමණයි..
ඒ මනුස්සයාගේ ගෙදරට ඇවිත් ගොන් පාර්ට් දාන්න ඇති... කවුද බලන් ඉන්නේ ආත්මාරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්න ඇති... එය මොකටද? දේශීය පැණි හොයන්න ගියේ...