
(බන්දුල ඉලේපෙරුම)
නාමල් රාජපක්ෂ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ප්‍රධාන ක්‍රීඩා පිටියක් බැගින් ලබාදීමට නියමිත බව පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(28) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසීය.
එසේම ක්‍රීඩා පාසල් 10කට කෘතිම ධාවන පථ 10ක් ලබාදීමටද නියමිත බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
“සනත් ජයසූරිය එදා හයේ පහරක් ගහනකොට හතරේ පහරක් ගහනකොට මුළු රටම අත්පොළසන් දුන්නා, මුත්තයියා කඩුලු ගනිද්දී මුළු රටම සතුටු වුණා. ෆර්විස් මහරුෆ් විකට් ගනිද්දී හයේ හතරේ ඒවා ගහද්දී කවුරුත් බැලුවේ නෑ ගම කොහෙද? ජාතිය මොකක්ද කියලා. ක්‍රීඩාව කියන්නේ අපිව හැමදාම එකතු කළ මහා පොදු සාධකය. සුසන්තිකා එදා සිඩ්නිවලදී මීටර් 200 දුවද්දී තත්පර 22කට මුළු රටම එකට එකතු කළා. නමුත් මෙතන කරුණාකරන් මන්ත්‍රීතුමා ජාතිවාදය අවුස්සමින් කථා කළා. එදා එල්ටීටීඊ සංවිධානය උතුරේ තරුණයන් අතට බෝම්බ දෙනකොට බෙල්ලේ සයනයිඩ් කරල් එල්ලනකොට බකන්නිලන් හිටපු අය අද උතුරේ තරුණයන්ට වන අසාධාරණය කථා කිරීම හාස්‍යයට කරුණක්” යනුවෙන් ද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
එසේම කරුණාකරන් මන්ත්‍රීවරයා කියූ ආකාරයට ජාතික තරුණ සේවා සභාවේ ඉහළ නිල තල කිසිවකට ද්‍රවිඩ ජාතිකයකු නැති බව කීම වැරදි බවත් අජන්තන් සිවදාසන් නමැති තරුණයා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එහිදී අදහස් දක්වමින් පැවසීය.
මේ අතර මෙවර එල්පීඑල් තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන රවීන් වික්‍රමරත්න විවිධ දූෂණ සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්වූවකු බව සමගි ජනබලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා කියා අයවැය විවාදයට එක්වෙමින් කියා සිටියේය.
COMMENTS
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ප්‍රධාන ක්‍රීඩා පිටියක් අවශ්‍ය නැහැ. සෞඛ්‍ය අංශය, පාසල්, විශ්ව විද්‍යාල සඳහා ආයෝජනය කළ යුතුයි. ලංකාවට ප්‍රමාණවත් ක්‍රීඩාංගණ තිබෙනවා.
යන්තං ඇති රටේ දැවෙන ප්‍රශ්න සේරම විසඳෙනවා, අනේ මගෙ කට.
ඔවැනි ආකල්පයන් පෙරදා, අද කාසි, ඔය කියන නෝනා අපොයි පෙරදා කාසි නිසා නටපු නැටුම්, මහත්තයා සුපිරි ක්‍රීඩා නමුත් කාසි නිසා තහනමට ලක් වුණු කෙනෙක්..., අපට අපේ මව්බිම නාමයෙන් ආඩම්බර, සල්ලි දෙවැනිව මතය දරන ක්‍රීඩකයින් නැද්ද?
එයාලා කියන්නේ ඊලාම් සිහිනයේ ඉන්න අන්තවාදීන් නෑ කියලා වෙන්න ඇති.
තියන සල්ලි ඔක්කොම බොරු දේවල්වලට නාස්තිකරන්න එපා මේ වෙලාවේ... ඔයිට වැඩිය කොච්චර වැදගත් දේවල් තියනවද ඔය සල්ලි වියදම් කරන්න. මේ පාරත් තමුන් නාගන්න යන්නෙ නාමල්, බාප්පවත් ගිල්ලලාම...
ප්‍රමිත මහත්තයෝ, අපිනම් තවමත් ජාති භේදයකින් තොරව තමයි සෑම දෙනෙක් දිහා බලන්නේ. ඒත් මේ දේශපාලකයෝ මැතිවරණ ළංවුණාම ජාති භේද වපුරලා. රට නන්නත්තාර කරනවා. ඉස්සෙල්ලාම ඒවා හදාගන්න බලන්න.