වසර 2016 දී පොලිස් මෙහෙයුමක් අතරතුර සිදුවූ කළු ජාතිකයෙකුගේ මරණය සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) පැවැත්වූ විරෝධතාවයක් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
පැරිසියේ උතුරු දිග ඇවනියු ඩී ක්ලීච් ප්‍රදේශයේ මෙම විරෝධතා පැවැත්වුණු අතර විරෝධතාකරුවන් ගිනි අවුලුවමින් ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණු බව පොලිසිය වාර්තා කර ඇත.
24 හැවිරිදි ප්‍රංශ කළු ජාතික ඇඩමා ට්‍රෙයොරේ සැමරීම සඳහා දහස් සංඛ්‍යාත පිරිස් මෙලෙස රැස්ව සිටි බව වාර්තා වේ. කොරෝනා අවදානම හේතුවෙන් පනවා තිබූ තහනම නොතකා විරෝධතාකරුවන් රැස්ව සිටි බව පොලිසිය පවසයි.
ඇමරිකාවේ කළු ජාතිකයෙකුගේ මරණය සම්බන්දයෙන් පැවැත්වෙන විරෝධතා අනුකරණය කරමින් ඇඩමා ට්‍රෙයොරේගේ මරණයට ද සාධාරණත්වයක් ඉල්ලමින් විරෝධතාකරුවෝ පෙළපාලි පැවැත්වූහ.
ට්‍රෙයොරේගේ මරණය සම්බන්ධව එකිකෙට වෙනස් වෛද්‍ය වාර්තා දෙකක් නිකුත් කිරීමෙන් පසු උද්ඝෝෂණ ආරම්භ වූ බව සඳහන් වේ.
විරෝධතාකරුවන්ගේ කළහකාරී හැසිරීම සම්බන්දව අදහස් දක්වමින් ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ක්‍රිස්ටොෆ් කැස්ටනර් කියා සිටියේ ප්‍රචණ්ඩත්වයට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩක් නොමැති බවයි. සෞඛ්‍ය අර්බුදයක් පැවැත්වෙන අවස්ථාවක විරෝධතාකරුවන්ගේ හැසිරීම අනුමත කළ නොහැකි බවද ඔහු පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම පුදුමයකි.. අප රටේත් අර හිමිකම්, මේ හිමිකම්, අර අයිතිවාසිකම්, මේ අයිතිවාසිකම් ගැන කෑ මොර දෙන ටකරන් වලින් පෙට්ටි කඩ අටවාගෙන ලොකු ලොකු බෝඩ් ගසාගෙන ඉන්න අර සංවිධාන, මේ සංවිධාන කියලා NGO හැත්තක් ඉන්නේ... කෝ කවුරුවත් ම්ම් ...සද්දයක් නැහැ නේද? අසුචි ගිලලා වගේ ඉන්නේ... කෝ කෑමොර දෙන්න ඩොලර් වලින් වේල පිරිමහ ගන්න. කෝ නුඹලාගේ සද්ද...?