IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කල්මුණේ සතොස ශාඛා 13 ක් වහයි

(නවරත්න සමරතුංග)

නැගෙනහිර පළාතේ කල්මුණේ ආශ්‍රීත ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ලක් සතොස අලෙවිසැල් 13 ක් වසා දමා තිබීමෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමය  කියයි.
 
තිරුක්කෝවිල්, අක්කරපත්තුව, සමන්තුරේ, කල්මුණේ, නායපට්ටමුණේ ආදී ප්‍රදේශවල  ලක් සතොස ආයතන 10 දැනට සතියක පමණ කාලයක් වසා දමා ඇති බවත් එයට සමගාමීව මඩකලපුව සහ ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල අලෙවි සැල් 3 ක් ඇතුළු ශාඛා 13  මේ වන විට වසා දමා   ඇති බව එම සංගමය චෝදනා කරයි.

වහාම විවෘත කර ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකම් සලසන ලෙස සමස්ත ලංකා පොදුසේවක සංගම් සභාපති එස්‍.ලෝගනාදන් මහතා රජයෙන් ඉල්ලා සිටී.
 
කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින කණගාටු දායක තත්වය අවස්ථාවක් කරගෙන මෙම වෙ‍ළෙඳසැල් වසා දැමීම බලවත් අසාධාරණයක් බව ඔහු කියයි.
 
ලක් සතොස ප්‍රාදේශීය කළමණාකරුගෙන් මේ සම්බන්ධව කළ විමසීමේදී මෙය ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණ නියෝග මත මෙසේ ලක් සතොස ආයතන වසා තබන බව සඳහන් කළේය.
 
සමුපකාර සමිති සංගම් වලට අයත් සතොස ප්‍රාදේශික පවා මෙම පළාත්වල ක්‍රියාත්මක නොවන බවත් අඩාලවී ඇති එම සමිති සංඛ්‍යාව 25 ක් පමණ වන බවද ලෝගනාදන් මහතා කීවේය.
 
සතොස සහ ලක් සතොස ආයතන වසා තැබීමෙන් එහි කාර්ය මණ්ඩල පවා වැටුප් නැතිව ගොස් අසරණ බව  ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.
 


 

 

 



අදහස් (10)

කල්මුණේ සතොස ශාඛා 13 ක් වහයි

Donald Wednesday, 25 March 2020 06:03 AM

කොළඹට සතොසෙ තොග බඩු ඇති තරම්. ගෙවල්වලටත් ප්‍රවාහනය කර දෙයි. නැගෙනහිර ශාඛා 13ක් වහලා. මොලේ ඇත්තෝ සිද්ධිය තේරුම් ගනිත්වා.

:       0       65

Nuwan Wednesday, 25 March 2020 06:53 AM

කල්මුණේ කියන්නේ ‌වෙනම රටක්ලු ‌නේද ?

:       6       40

nisar Wednesday, 25 March 2020 07:57 AM

දැන් තමා රජය මතක් උනේ. ඡන්දය දුන්න අයගෙන් ඉල්ල ගන්න.

:       113       61

එරික් Wednesday, 25 March 2020 08:25 AM

මෝඩ කතා කියන්නෙපා... කාට චන්දෙ දුන්නත් ලංකාවේ පුරවැසියො?

:       84       113

PrabhaWednesday, 25 March 2020 09:06 AM

ඒ අය ලංකාවේ කියලා මතක් ‌‌ව‌ෙන්නේ ප්‍රශ්නයක් ආවම විතරද ?

:       1       11

MD Wednesday, 25 March 2020 09:31 AM

ම‌ෙයාලා ක‌ොහ‌ෙද රටට ආදරය කරන්නේ? ශ්‍රී ලංකා පුරවැසියෙක් කියන්නේ ‌මොනතරම් උතුම් පුරවැසියෙක්ද? ‌ෙමේ ඉන්නේ අරාබි ගැත්තෝ. යාපනේ ඉන්නේ ඉන්දියා ගැත්තෝ. ‌‌මෙයාලා මුදලට, වාසියට රට පාවා ‌දෙන අය. ඔක්කොම ‌නෙවෙයි.

:       4       20

Bamunuarachchi Wednesday, 25 March 2020 08:03 AM

හේතුවක් හරිහැටි නොදැන අපිට අදහස් දක්වන්නත් බැහැ.

:       0       0

විපරමා Wednesday, 25 March 2020 09:39 AM

සමහරවිට ඔය ැන්වල බඩු නැතුව ‌දේශපාලුවෝ ඒ අයගේ ගෙවල්වල ඒවා ‌ගෙනත් ගොඩ ගහගන්නට ඇති.

:       0       0

anura Wednesday, 25 March 2020 01:52 PM

ශ්‍රී ලංකා යුධ හමුදාව සතුරාටත් මිතුරාටත් බෙධයක් නැතිව සළකන නිසා, ඔය කිව්ව කාරණය සත්‍යයක් නම් හෙට වන විට සහනයක් සලසාවී.

:       0       7

charles Thursday, 26 March 2020 01:22 AM

කොච්චර කරත් හොඳක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site