(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහර දීමට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් හා ඩිෆෙන්ඩර් රථය අද (19) රාත්‍රී පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඉකුත් 16 වැනි දින මෙම පහරදීම සිදුකළ අවස්ථාවේදී එහි රියදුරු පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා පැමිණිල්ලක් කර තිබූ අතර ඊයේ (18) දින ගාල්ල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබිණි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ගමන් ගත් පුද්ගලයෙක් අද (19) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර වීමෙන් පසු අත් අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මහරගම ඇල්හේන ප්‍රදේශයේ නිවසක ඩිෆෙන්ඩර් රථය නවතා තිබෙන බවට මහරගම පොලිසියට ලද තොරතුරක් අනුව අද රාත්‍රීයේ පොලිස් බාරයට ගනු ලැබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අත් අඩංගුවට ගනු ලැබූ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන මතුගම පදිංචි හේවගේ ගාමිණි විජේසූරිය හා එම ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් වන පොලොන්නරුව අරලගන්විල පදිංචි සුසන්ත බණ්ඩාර නැමැත්තාගෙන් ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.