(අප්සරා යෝසිත් විජේසූරිය)
කෝවිඞ් 19 ආසාදනය වූ, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ යෙදුණ යුද හමුදාවේ තිදෙනා ඇසුරු කළ පුද්ගලයන් වශයෙන් හඳුනාගත් 60දෙනෙකු නිවෙස් තුල නිරෝධායනයට යොමුකළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
කොරෝනා ආසාදනය වූ තිදෙනා රත්නපුර දේවාලේගාව, කුරුවිට නඩුකාරදෙණිය සහ ඇහැලියගොඩ තොරණගොඩ පදිංචිකරුවෝ වෙති.
එම පුද්ගලයන් ඇසුරු කළ ආරක්‍ෂක අංශවල සේවය නියුතු බලංගොඩ, කොළොන්න, උඩවලව ප්‍රදේශවල තිදෙනකු සහ පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු පීසීආර් පරීක්‍ෂණ සහ සුදුසු නිරෝධාන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර ඇතිබවත් සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.
ආසාදිත තිදෙනාගේ පවුල්වල සාමාජිකයන් සහ එම තිදෙනා ඇසුරුකළ අය, නිවෙස්වල නිරෝධායනයට යොමුකළ පිරිස අතර සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එමතිදෙනාගෙන් අයෙකු මෑත දිනයකදී රත්නපුර ඇලෝසියස් ජාතික පාසලේ සීවලී මධ්‍ය විද්‍යාලයේ යන පාසල්වල කාර්යාලයන්ට පැමිණි බවත් සෞඛ්‍ය අංශ වෙත වාර්තාවී ඇති බැවින් එම පාසල්වල කාර්යාලයන්හි එදින සිටි ගුරුවරුන් සහ අනධ්‍යයන සේවක පිරිසත් නිවෙස් තුළ නිරෝධානයට යොමුකළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා තවදුරටත් කියාසිටියේය.
2025 දෙසැම්බර් මස 04
644
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
533
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
439
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට