මේ දිනවල ඉන්දියාවේ  සංචාරයක නිරත වන කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය ජනාධිපතිවරයා හමුවී ඇතැයි ඉන්දීය ඒ.එන්.අයි.එන් පුවත් සේවය වාර්තා කර සිටී.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සමඟ ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිස විනාඩි 45ක පමණ සාකච්ඡාවක් පවත්වා ඇති බව එම ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ (10)  පස්වරුවේ කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

අසල්වැසියා පළමුව යන ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවට විශේෂ සහ වැදගත් බව ඉන්දීය ජනාධිපතිවරයා මෙහිදි පවසා ඇත.


(125)