ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු
කතානායකවරයාගේ ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ප්‍රසාද් කාරියවසම් මහතා පත්කර ඔහුට ඇමෙරිකානු ආයතනයකින් වැටුප් ගෙවීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී අද (18) විරෝධය පළ කළහ.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ එවැනි උපදේශකවරයකු අවශ්‍ය නම් පාර්ලිමේන්තුව හරහා වැටුපක් නොගෙවා ඇමෙරිකානු ආයතනයකින් ගෙවීම වරදක් බවයි.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වූහ.
කතානායක කරු ජයසූරිය මහතා පැවසුවේ ප්‍රසාද් කාරියවසම් මහතාට වැටුප් ගෙවන යූ එස් ඒඩ් ආයතනය පාර්ලිමේන්තුවේ බොහෝ කටයුතුවලට ප්‍රදානයන් ලබාදෙන බවයි.
මේ හරහා පාර්ලිමේන්තුව විදේශයකට යටත්වීමක් නොවන බවද කතානායකවරයා කීවේය.
COMMENTS
ඔය එන්නේ බළලා මල්ලෙන් එලියට
මොන රටේද පාර්ලිමේන්තුවේ කතානායකගේ උපදේශකට වෙන රටකින් වැටුප් ගෙවන්නේ. මේක ඇමෙරිකාවට ඕනේ විදියට රට යටත් කරගෙන දැනටමත්. තව කීදෙනෙක් ඉන්නවද දන්නේ නැහැ ඇමෙරිකාවෙන්, චීනෙන්, ඉන්දියාවෙන් වැටුප් අරන් ඒ රටවලට වැඩ කරන.
අනාගත ජනාධිපති අපේක්ෂකයෙකුගේ උපදේශකයෙක් ... දැනටමත් එක්සත් ජනපදයේ වැටුප් ගෙවීම්වල .. ඇමරිකාවේ ආරක්ෂක ගිවිසුම් තල්ලු කළේ ඔහුයි.
මේකත් හරියට ද්විත්ව පුරවැසි භාවය ලැබුවා. කතානායක කෙනෙක් වගේ තමයි .
යූ එස් ඒඩ් ආයතනය වෙන දේවල් වලට ගෙවනවා නම් මෙතන මොකද්ද ප්‍රශ්නය?
හෑම කොමෙන්ට් එකක්ම ඈමෙරිකන් විරෝධී , හෑබෑයි දිගම වීසා පෝලිම තියෙන්නෙ ඈමරිකන් එම්බසිය ඉස්සරහ..