(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                                 

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක්  ගිලා බැසීම හේතුවෙන්  සුන්බුන්   වැටීමෙන් ඒ අසළ  නිවසක සුන්බුන් අතර  සිරවී සිටියදී සහන කණ්ඩායම් මගින් සොයාගත් මාස එක හමාරක් වයසැති බිළිඳා  රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂක  වෛද්‍ය  ආර් එම් එස් කේ රත්නායක මහතා පැවසීය.                   

රෝහල් ගත කළ එම බිළිඳාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය දැඩි උත්සාහයක් ගත්ත ද එය අසාර්ථක වූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.