(ප්‍රසන්න පත්මසිරි)
කුරුවිට තරුණියක් ඝාතනය කර හිස නැති මළ සිරුර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දමා නිවසට පැමිණ සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය 06 දින රාත්‍රි 10ට පමණ බඩල්කුඹුර 5 කණුව පොදු සුසාන භුමියේදි මිහිදන් කෙරිණි.
බඩල්කුඹුර බුත්තල පාරේ 5 කණුව ප්‍රදේශයේ පදිංචි බුත්තල පොලිසියට අනුයුත්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක ඒ.එම් ප්‍රේමසිරි අධිකාරි (52) නැමති පුද්ගලයෙකි.
කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි එල්.කේ දිලිනි යශෝදා වයස අවුරුදු 30ක අවිවාහක තරුණියක සමග මිය ගිය අය අනියම් සබදතාවයක් පවත්වාගෙන යන අතරතුර ඝාතනය සිදුව තිබේ.
තරුණිය ඝාතනය කිරීමෙන් පසු පසුගිය 02 දින රාත්‍රි නිවසට පැමිණි උප පොලිස් පරීක්ෂකවරයා රාත්‍රියේම නිවස අසළ තිබෙන රබර් වත්තකට ගොස් සියදිවි නසාගෙන සිටියදි පොලිසීය සොයාගනු ලැබීය.
මිය ගිය අය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය එහිදි පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මොණරාගල සිරිගල රෝහලට ඉදිරිපත් කළ මළ සිරුර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු 06 දින රාත්‍රි ඥතීන්ට බාරදී තිබේ.
පවුලේ ඥතීන් කිහිපදෙනෙකු උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර බඩල්කුඹූර 5 කණුව ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.30ට පමණ ගෙනවිත් නිවස තුලට නොගෙන ආලින්දයේ පැය භාගයත් තබා කිසිදු ගෞරවයක් නොකර ආගමික වතාවත් සිදුකිරීමෙන්
අනතුරුව පොදු සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණ.
මෙම අවස්ථාවට කිසිදු පොලිස් නිළධාරියෙකු සහභාගි නොවුන අතර මිය ගිය අයගේ බිරිද හා දරුවන් තිදෙනා ජනමාධ්‍යයට මුහුණ නොදි නිවසට වී සිටියේය.
පසුව පවුලේ ළගම ඥතීන් කිහිපදෙනෙකු පමණක් සිරුර සුසාන භුමියට ගෙන ගොස් මිහිදන් කෙරිණි.


COMMENTS
පැය භාගයකටවත්, ගෙදර පිළිකන්නයටවත් ගන්න තිබ්බේ නැහැ. මල් ශාලාවෙන්ම ගෙනියන්න තිබ්බේ අවමංගල කටයුතුවත් නොකර...
තව කොච්චර කාලයක් මේ කුණු අවුස්සන්නද හදන්නේ?
මොකට ආගමික වතාවත් කළාද?
ජනමාධ්‍යයට මුහුණ දීම හෝ නොදීම ඒ පවුලේ අයට අයත් දෙයක් මිස අනවශ්‍ය කුණු හාරන දෙයක් නොවේ.
ඒ මිනිස්සු මාධ්‍යයට මොනවා කියන්නද? අනුන්ගේ කුණු හොයන්නේ නැතිව දැන්වත් ඒ පවුලේ අයට නිදහසේ ජීවත්වෙන්න ඉඩදෙන්න.
ඕවා ඔහොම තමයි...
පොලිස් කියන වචනේ තේරුමවත් නොදන්න කෙනෙක්. පොලිසියේ අය ඔහොම නම්, අනික් එවුන් ගැන මොන කතාද. මේවා කාටත් හොන්ද පාඩම්.
මේ මනුස්සයා ගෙදර අයට කන්න බොන්න දුන්නා නේද අන්තිමේ ඒ මනුස්සයාගේ මරණේවත් ගෙට ගත්තේ නැත්තේ ගුණමකු කමටද? නැත්නම් බයටද?
අපරාදෙ හාමුදුරුවෝ ආවේ බණ කියන්න?
මේ වගේ ම්ලේච්ඡ මිනී මරුවෙකුට මොන අවසන් ගෞරවද?