(තිළිණි ද සිල්වා )
ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම හෙවත් එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණයක් ගෙන ඇති බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එසේම මෙම ගිවිසුමට අත්සන තැබීම සම්බන්ධයෙන් ද රජය අවසන් තීන්දුවක් ගෙන නැතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේ ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මගින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන උල්ලංඝණය වන බව ප‍්‍රකාශ කරන ලෙසද , එම ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (13) සළකා බලමිනි.
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු, එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
එම කරුණු දැක්වීම පිළිගත පංච පුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම් සළකා බැලීම ලබන මාර්තු 25 වැනිදා තෙක් කල් තබන ලදී.
අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, නීතීඥ දර්ශන වේරදූවගේ මහත්වරුන් වෙන වෙනම ගොනු කරනු ලැබූ මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සන් නො කරන ගිවිසුමක් ගැන මොකට ද සමාලෝචනයක්? බළලා මල්ලෙන් ඒළියට පැන්න ද?
සමාලෝචනය කරන්න ... අධ්‍යයනය කරන්න ... හැබැයි රට විනාශ කරන තීන්දුවකට එන්න එපා. කොළ පාටින් වෙන්න ගිය සහාසික අපරාධය කුරක්කන් පාටින් වෙන්න දෙන්න එපා එච්චරයි. මොකද මේ රටේ ඉන්නේ බහුතරය ලංකාවේ පුරවැසිකම විතරක් තියෙන අය ...අපි ද්විත්ව පුරවැසියෝ නෙමෙයි .
ඩොක්ටර් පාදෙණිය මහත්තයෝ... මේ මොකක්ද මේ වෙන්න යන්නේ..
මේ ගිවිසුමේ තිබෙන යහපත් දේවල් යූ.එන්.පී , ජේ.වී.පී. සගයින් කවද්ද තේරුම්ගන්නේ...?
අර සිතියමක් ඇඳගෙන දස අතේ මොර දුන්නු අමතර පන්ති ගුරුවරු, දොස්තරවරු වගේම ස්වාමීන් වහන්සේලා එහෙම දැන් මොනවා කියයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ...
අන්තිමට වෙන්නේ මොනවත් නෙමෙයි කබරගොයා තලගොයා වෙන එකයි. අර අරගොල්ලෝ වල්ගේ කොහේදෝ ගහගෙන ඉඳීවි. ජනතාවට උඩබලාගෙන ඉන්නවෙයි.
මිනිස්සු ඡන්දෙ දුන්නේ MCC ගිවිසුම සමාලෝචනය කරන්න නෙමෙයි. එකහෙලා ප්‍රතික්ෂේප කරන්න. මම දන්නා විදිහට තාම MCC ආයතනය මේ ආණ්ඩුවත් එක්ක ඔය ගිවිසුම අත්සන් කරනවා කියලා නැහැ. ඔය දැන් කතා කරන්නේ රනිල්ගේ වහල් ආණ්ඩුව අත්සන් කරන්න හදපු මුළු රටම විරුද්ධ වුණු MCC ගිවිසුම ගැන. මේ සමාලෝචනය කරන්න හදන්නේ රටම විරුද්ධ වුණු කාරණයක්. මේක තනිකරම මහජන මතය නොසලකා හැරීමක්. වහල් ආණ්ඩුව අත්සන් කරන්න ගිය ගිවිසුම ගැන කතා කිරීමම ද්‍රෝහීකමක්...
ජනාධිපතිවරණයට කලින් දැක්ක යකා දැන් වැඩිය කළු නැද්ද? අර උපවාස කරපු චණ්ඩියා දැන් මොකද කියන්නේ?
එක්තරා විකට ටෙලි නාට්‍යයක ගැහැණියක් යාලුවෙකුට කියනවා "මං මේ වැඩේට මගේ මිනිහව මරනවා' කියලා, යාළුවා කියනවා "එහෙම කරන්න එපා, එයා කියන දේටත් කන් දීපන්..." කියලා, අර ගැහැණු එක්කෙනා කියනවා, "හොඳයි, උඹ කියනවා නම් මං කන්දෙන්නම්... කන්දීලා ඉවරවෙලා එයාව මරනවා" කියලා. ඒ වගේ මේ ගිවිසුමටත් කරන්න ඕනෑදේ තීරණය වෙලා ඉවරයි. ඒ වුණාට මිනිස්සු කෑගහන හින්දා සමාලෝචනය කරලා ඉවරවෙලාම අත්සන් කරනවා...