(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට සකස් කළ කූට ලේඛනයක් ප‍්‍රචාරයට පත් කිරිමේ අසාර්ථක උත්සාහයක ඇතැම් පිරිස් නිරත වන බවට එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක්ද කර ඇති බවත් අසත්‍ය ප‍්‍රචාර සහ ප‍්‍රකාශ සිදුකළ සියලූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවටත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එම නිවේදනයේ තවදුරටත් මෙසේ ද දැක්වේ.
‘‘ ප්‍රජාන්ත්‍රවාදය වාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂාවේ කරලීම වෙනුවෙන්, ව්‍යවස්ථා විරෝධී උමතුවට එරෙහිව අප මාතෘ භූමියේ සකල විධ බලවේග ආරම්භ කර ඇති අනවරත අරගලය හමුවේ වියරු වැටුණු කණ්ඩායමක් විසින් එක්සත් ජාතික පක්ෂයය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට කූට ලේඛනයක් සකස් කර ඇත.
මෙවැනි කිසිදු ගිවිසුමකට අප දෙපාර්ශ්වය විසින් එළැඹ නොමැත.
එසේ වී තිබියදී පක්ෂ නායකයන්ගේ අත්සන් ද ව්‍යාජ ලෙස යොදමින් මෙවැනි කූට ලේඛන සැකසීම හා ඒවා මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරයට පත් කිරීමට කටයුතු කිරීම නීතිය පමණක් නොව සදාචාරත්වය ද උල්ලංඝණය කිරීමකි.
දැනටමත් අප පක්ෂය වෙනුවෙන් එස්. එම් මරික්කාර් මන්ත්‍රීතුමන් පොලිස් මූලස්ථානය පැමිණිලි කර ඇති අතර, මේ පිළිබඳ අසත්‍ය ප්‍රතිචාර හා ප්‍රකාශ වලට සම්බන්ධ සියළු පුද්ගලයින් නීතිය ඉදිරියට පැමිණවීමට ද අපි ක්‍රියා කරන්නෙමු.
එසේම ජාතිවාදය පතුරුවමින් හා අවුලූවමින් බලය රැක ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී බලකාමීන් ගෙන යනු ලබන මේ නීච ව්‍යාමනයන්ට එරෙහිව සටන් වැදීමට එක්වන ලෙස සියළු දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිමු ’’යනුවෙන් ද එහි දැක්වේ.
ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාල මොනව කිවුවත් ජනතාව දන්නව ටී එන් ඒ එකට අවශ්‍ය අකාරයට හැසිරෙන්නේ කවුද කියල.
ඔවු කූට ලේඛනයක් ශෝසල් මිඩිය වල යනවා.වහාම මේක බොරු කියල දැනුවත් කරන්න. මේක අර කල්ලියේ වැඩක්.
හපොයි දෙයියනේ.කෙසෙල් කනට කලින් වට පනිනවා කියන්නේ මේවා තමයි.එහෙනම් ටෙලෝ සංවිධානයේ නායකයා කියපු ගිවිසුම අත්සන් කරලා වගේ.
කූට ලේඛන මොකටද ප්‍රසිද්ධියේ ප්‍රතිෂේප කලේ නැහැනේ 20 වෙනි සංසෝධනයක් ගෙනෙන්නේ කාට සෙත සදන්නද? අමතක කොරන්න එපා රජීව් ඝාන්ධිට සලකපු කොල්ලා වගේ කොල්ලෝ රටේ තව ඉන්න බව.
උසාවි නියෝගයක් මේකටත් ගනිමු.
සිංහලයින්ගේ කූඨලේඛන ගැන කතා කොරන්නේ මරික්කාර් කෙනෙක්. අනේද කියන්නේ.
හලෝ එක අසාර්ථක උත්සාහයක් නොවෙයි අපි කව්රුත් දන්නා ගිවිසුමක්. ඒ නිසයි මම රනිල් විරෝධී.
එය අසත්‍ය ලේඛනයක් නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහ සම්බන්තන් මහතාට නිවේදනයක් නිකුත් කරන්නද කියන්නද , සහ 20 වන සංශෝදනය අඩංගු දෑ ප්‍රකාශයට පත්කරන්න