(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 97 දෙනෙක් අද (20) ඒකමතිකව යෝජනා කළ බව අජිත් පී. පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ පැවති මෙම සාකච්ජාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන් 97 දෙනෙකුම සහභාගී වූ බව අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා නියෝජිතයන් අතර මෙම හමුව තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පැවැත්විණි.
මෙහිදී එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානයකින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉතා පහසුවෙන්ම ජයග්‍රණය කිරීමට හැකියාව පවතින බවයි.
මෙම විශේෂ සාකච්ජාව සඳහා තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරියන්ද ඉරාන් වික්‍රමරත්න,නලින් බණ්ඩාර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද එස්.එම් මරික්කාර් සහ හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වී තිබේ.
COMMENTS
අර ගෙම්ම්බා පිම්බිල වුනු වැඩේ වෙයිද?
පළාත් සභා අකර්මන්‍ය වී ඇති මොහොතක ඉදිරිපත් කරන ගණන් හිලව් ශුන්‍ය වේ.
ඇවිල්ල ඉඳල තියෙන්නේ 50ට වඩා අඩු ගානක්. අදයි දන්නේ අජිත් පෙරේරා ගණන් දන්නේ නැ කියල. කාවද මේ රවට්ටන්නේ?
මේ මෑත යුගයේදී බිහිවුන සියලු ගුණධර්ම වලින් පිරුණු උගත්, බුද්ධිමත් ආධාර්ශමත් නියම සමාජ සේවයකයෝ පිරිසක් වෙන්න ඇති .
ඔක්කොම ගෙම්බෝ තමා. ඒත් පාක්ෂිකයෝ බහුතරයක් ඉල්ලන ගෙම්බා ඕනේ. එතකොට ලිඳෙන් එලියට පැනල ලෝකේ දිහා බලන්න පුළුවන් වෙයි.
මෑත දේශපාලන කාලය තුල ගමේ දුප්පතාට ගෙයක් දීල සෙතක් වෙන දෙයක් කරපු එකම කෙනා සජිත් විතරමයි. මේක අද මුළු රටම දන්නවා.
සජිත්ට ජනපතිවරණය දින්නන්න පුළුවන් කියල 100% සහතිකයක් දෙන්න මට බැහැ , නමුත් එජාපෙ ඉන්න වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන් ජනපති අපේක්ෂකයා සජිත් බව අනිවාර්යයෙන් සදහන් කරන්න ඕනේ . රනිල් , රවී කරුණානායක වැනි පුද්ගලයෙකුට ඡන්ද ලක්ෂ 10 ක්වත් ගන්න බැහැ ,
මේ මන්ත්‍රීතුමාට ගණන් බෑ වගේ. එතන උන්නේ මන්ත්‍රීවරු 28ක් මිසක 97 ක් නෙමේ. පුටු නම් 95 ක් හිස්ව තිබුණා තමා.
කලිනුත් මේ අයද ජනාධිපති අපේක්ෂයව තේරුවේ ?
සජිත් ගෙවල් දුන්නේ එයාගේ පුද්ගලික සල්ලි වලින් නොවේ. ආණ්ඩුවේ වැඩපිළිවෙල යටතේ. 2015 රනිල් නිවැරදි තීරණයක් අරගෙන ජය නොගත්තා නම් ගෙවල් දෙන්නේ කොහොමද?