(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
උණ රෝගය වැළඳීමෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දි මියගිය තරුණයා කොරෝනා වසන්ගතයට ගොදුරු වී නොමැති බව ඔහු සම්බන්ධයෙන් පවත්වන ලද විශේෂ වෛද්‍ය පරීක්ෂණයකින් පසු ලද වාර්තාවකින් අනාවරණය වූ බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ කපිල මල්ලවාරච්චි මහතා පැවසීය.
මිය ගොස් ඇත්තේ මාරාවිල බටහිර වීරහේන ප්‍රදේශයේ විසූ එම්.නිරෝෂන් මධුවන්ත (23) නමැති විවාහකයෙකි.
ඔහු මුන්දලම ප්‍රදේශයේ වාසය කරන සිය මවගේ සුව දුක් විමසීමට ගිය අවසථාවෙම් දි උණ රෝගයට ගොදුරු වි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පිණිස ඊයේ ( 10 දා ) මුන්දලම රජයේ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදි ඔහුගේ තත්ත්වය බරපතල වූයෙන් රෝගියා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට මාරු කළ අතර ඒ ගෙන යන අතර ඔහු මිය ගොස් තිබුණි.
ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇද්දැයි සැකයෙන් ඒ සම්බන්ධ පරික්ෂණවලට පියවර ගත් අතර එම වාර්තාව අද (11) දහවල් ලද බවත් ඒ අනුව රෝගියාට කොරෝනා රෝගය වැළඳී නැති බවත් අනාවරණය වි ඇති බව
රෝහල් අධ්‍යක්ෂවරයා කිය.
පසුව මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් හා මරණ පරීක්ෂණයක් පවත්වා කොරෝනා නිති රීති යටත් සිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු හලාවත ආදාහනාගාරයේ සිදු කිරීමට පියවර ගත් බවත් රෝහල්
අධ්‍යක්ෂවරයා කිය.
COMMENTS
ඔය බොරු...
උණ කියන්නේ රෝග ලක්ෂණයක් මිස රෝගයක් නෙමෙයි. ඒ නිසා උණ හැදිලා මැරුණා කියන එක වැරදියි. මෙයාට උණ හැදුනේ මොකක් නිසාද කියලා සොයා බැලිය යුතුයි.
ඡන්දෙ ඉවර වෙනකන් කොරෝනා හැදෙන්නේ නෑ.. ඊට පස්සේ ඕන එකක් වුණාට එයාලාට කමක් නෑ. ගෙදරින් පෑනක් අරන් ගිහින් ඡන්දෙ දාලා එන්න. එයාලට සැපෙන් ඉන්න.
ඡන්ද පටන්ගන්නකම් විතරයි. ඊටපස්සේ තමයි ‘‘කෙළෝනා‘‘ .... එතකොට කට උත්තරත් නැහැ.
කොහොමටවත් පිළිගන්න බැහැ. කොරෝනා නෙමෙයි නම් මොකෙන්ද මැරුණේ? උණ උත්සන්න වෙලා නම් උණ අඩුකරන එක ලොකුවැඩක් නෙමෙයි. ඊටත් රෝහලටත් ආවට පස්සේ... අනිත් කාරණේ කොරෝනා නෙමෙයි නම් ආදාහනය කලේ මොකද? ඊයේ මැරිලා එක දවසෙන් ආදාහනයත් කරලා. තරුණ ළමයෙක් මෙහෙම නිකම් මරණයට පත් වුනේ කොහොමද? කොරෝනා දෙවෙනි රැල්ල බිලිගන්නේ තරුණ පරම්පරාව. ඇමරිකාවේ හදිසියේ උත්සන්න වුණු අසාමාන්‍ය මරණ සංඛ්‍යාවට හේතුව ඒක. ආණ්ඩුවට ඡන්ද උණ නිසා ජනතාව රවට්ටන්න බොරු කියනවා. ඇත්ත එළිවෙනවට ආපහු නීති දාලා මිනිස්සු අතට සැබෑ තොරතුරු යන එක වළක්වන්න. මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන එක බලලෝභී පාලකයින් වහාම නැවැත්විය යුතුයි. ඔබ මේ සෙල්ලම් කරන්නේ ඔබට ඡන්දය දුන් තරුණ ජීවිත එක්ක...
නාවික හමුදා කඳවුරේ හිටපු එක්කෙනෙකුට මී උණ හැදිලා මැරුනේ... අවුරුදු ගාණකින් කුඹුරක් පැත්තේ ගිහිල්ලා නැහැ...
ඇහුවාමයි... උණ හැදිලා මැරෙනවා...
ඔබතුමාලා කියනවා... අපිතුමාලා අහනවා.
ඇයි දැන් මී උණ හැදෙන්නේ නැද්ද?