
(කේ.පී. සුමනදාස)
උඩවලව ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය පුද්ගලයකුට අද (21) වනජීවී නිලධාරීන් වෙඩිතබා ඇත.
වෙඩි වැදී ඇත්තේ සෙවනගල සම්පත් ගම පදිංචි 25 හැවිරිදි තරණයකු වන විජමුණිගේ කසුන් චාමර නැමති අයකුටය. ඔහු මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ පිළිබදව උඩවලව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වන රණතුංග මහතාගෙන් විමසීමකදි කියා සිටියේ වනෝද්‍යානයේ 5 කණුව බීට්ටු කාර්යාලයේ නිලධාරීන් අද වනෝද්‍යානය තුල සංචාරය කරන අතරතුර දඩයමේ ගිය අයකු දැක නවතින ලෙස අණ කිරීමේදී එයට අවනත නොවීම හේතුවෙන් රබර් උණ්ඩ යොදා වෙඩි තබා ඇති බවය.
වෙඩි වැදුණු අයගේ සහෝදරයකු පවසා සිටියේ තම සහෝදරයා ගවයන් බැලීම සදහා වනෝද්‍යානයට ගිය විට වනජීවී නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇති බවය. දඩයමේ ගියේ නම් ඔහු සතුව ගිනි අවියක් තිබිය යුතු බවත් ඔහු අතේ තිබුණේ ගවයන් දැක්කීමට ගන්නා කෙවිට පමණක් බවත්ය යනුවෙනි.
2025 දෙසැම්බර් මස 18
626
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩවලව වනයේ දඩයමේ ගිය අයකුට වනජීවියෙන් වෙඩි
විජිත් Thursday, 21 January 2021 10:35 PM
වන ජීවී ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ වනය සහ වනයේ වසන ජීවින් ආරක්ෂා කිරීමටයි. ඒ අයට තුවක්කු දීලා තියෙන්නේ " දත් මදින්න " නොවෙයි. කැලෑවේ ආරක්ෂාවට අභියෝගයක් කරන තැනැත්තෙක් මේ නිලධාරීන් හට යටත් නොවී වෙනත් ක්‍රමයකින් බලය පෙන්වලා පැනයාමට උත්සාහ කළොත් ඒ පුද්ගලයාව අඩපණ කිරීම සඳහායි. මේ කැලෑපාලුවෝ පසුගිය වසරේ හෝ 2019දී වනජීවී නිලධාරියෙක්ට වෙඩිතබා ඝාතනය කළා. ගවයන් ඇතිකරන අය ගවයන්ට අවශ්‍ය තණකොළ කෑමට ආරක්‍ෂිත කැලෑවට අරගෙන යන්නේ නිත්‍යානුකූලවද...? කොටින්ම කැලෑවට ගවයන්, එළුවන් රැගෙන යාම නීති විරෝධී පමණක් නොව එය වනයේ ජීවත්වන වන සතුන්ගේ ජීවන චර්යාවලටත්, වනජීවින්ගේ සෞක්‍යයටත් අහිතකරයි. මෙවැනි කැලෑ පාලුවන්ට වෙඩි තියන්න රබර් බුලට් යොදාගන්නේ ඇයි...? ඒ ගොල්ලොත් වනජීවී නිලධාරීන් මැරුවේ රබර් බුලට් පාවිච්චි කරලද? වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළම පුටුවල ඉන්න නිලධාරීන්ටයි මගේ මේ ආයාචනය..." කරුණාකරලා ඔය රබර් බුලට් සියල්ල නැවත ලබාගෙන වනජීවී නිලධාරීන් හට "සජීවී උණ්ඩ" නැත්නම් ඇත්ත බුලට් දෙන්න. කැලෑපාලුවන් කියන්නේ මේ ලෝකෙට අනවශ්‍ය ඒ වගේම ලෝකෙන් වහාම ඉවත් කළයුතු සත්ව විශේෂයක් පමණයි.