(සටහන සහ ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂය වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වියයුත්තේ පොදු අපේක්ෂකයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද(28) පැවසීය.

නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ, කොළඹ කොල්ලුපිටියේ පිහිටි ‘ගාමිණි දිසානායක පදනමේ’ ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ඒ අනුව, ඊළඟ ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපක් කිරීම වෙනුවෙන්, විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන සමග  එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බව දිසානායක මහතා සඳහන් කළේය.

පක්ෂයේ ප්‍රතිසංවිධානය පක්ෂ නායකත්වයේ සිටම පහළට සිදුවිය යුතුව තිබුණත් එසේ නොවීම ගැන තමන් කනගාටුවන බවත් නවීන් දිසානායක මහතා තවදුරටත් පැවසීය.  

මෙතෙක් දැරූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් තමා ඉවත්වෙන බව ද ඒ මහතා කියාසිටියේය.

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අර්ජුන රණතුංග මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.