
(තිළිණි ද සිල්වා)
පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් යළි දිවයිනට පැමිණීමට නොහැකිව සිටින තමන්ව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගන්නැයි ඊශ්‍රාලයේ රැකියා සදහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයෝ 100කට ආසන්න පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර සිටිති.
මෙම පිරිස යළි දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද ලියාපදිංචිව සිටින අතර ශ්‍රී ලංකාවේ හෝටල්වල සිට නිරෝධායනය වීමට කැමති බවත්, ජනාධිපතිවරයා වෙත ලිඛිතව කළ ඉල්ලීමේ මේ බව සදහන් කළ බවත් එම ලාංකිකයන් පිරිස අතර සිටින ජනත් විමල මහතා ලංකාදීපයට පැවසීය.
කොවිඞ් වසංගත තත්ත්වය නිසා නැවත ලංකාවට පැමිණීමට නොහැකිව සිටින මෙම පිරිසෙහි ගර්භනී කාන්තාවන්, හෘද රෝග, පිළිකා, අවදානම් සහිත සෞඛ්‍ය තත්වයේ පසුවන අය, වීසා කල් ඉකුත් වූ අය, රැකියා වීසා අවලංගු වූ අයද සිටින බව ජනත් විමල මහතා වැඩිදුරටත් පැවසීය.
එබැවින් මෙම ලාංකිකයින්ගේ ගැටලු ගැන සානුකම්පිත වෙමින් නොවැම්බර් මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් යානයක් ලබා දෙන්නැයිද තමා ඇතුළු මෙම ලාංකිකයින් පිරිස ජනාධිපතිවරයා ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් රෙජිස්ටර් වෙලා සෑහෙන කල් ඉඳන් බලන් ඉන්නේ... තාමත් මේ ගැන සද්දයක්වත් නෑ. කට්ටිය ගෙන්වන බව නම් කිව්වා. එ්ත් ඉතින් කවුරු කොහෙන් ගෙන්වනවද කියන්න දෙයියෝ තමයි දන්නේ...
අපෝ මේ ජනාධිපතිට ඔයිට වඩා කරන්න වැඩ තියනවා. රට ඉන්න ගොඩක් අයගේ හිතේ එයාලා දාන වීඩියෝ බල බල ඉන්න එක ඇර ජනාධිපතිට වෙන වැඩක් නෑ කියලා.
අපෝ මේ කොරෝනා අස්සෙ ලංකාවට එන්න එපා. මෙහෙ ඉස්පිරිතාල පිරුණම මෙහෙ අහුවෙන ලෙඩ්ඩු මුහුදටද දාන්නෙ. කොරෝනා ඉවරයක් වුනහම එන්න.
නිරෝධානය කඳවුරු වල ඉඩ නැති නිසා හෝටල්වල තමයි නිරෝධායනය කරන්නේ... එහෙම හෝටල්වල නිරෝධානය වෙන්න කැමති අයට තමයි එන්න පුළුවන්... අනිත් අයට කොරෝනා ඉවර වුණාම තමයි එන්න වෙන්නේ...
අපෝ අපෝ මෙහෙ එන්න එපා. ගුවන් තොටුපළ ඇරලා තමයි ලංකාවට කෙළවුනේ. ඕක වහන්න. මෙහෙ ගෙන්වන්න එපා කිසිම කෙනෙක්ව... විශේෂයෙන් මැදපෙරදිග අය...
ඡන්දයක් ළඟ නම්, මේ වනවිට ගෙනැල්ලා අවසන්...
මැදපෙරදිග පැත්තේ මොනවා වුණත් කමක් නෑ.. මේ ගොල්ලො ලංකාවට නම් ගෙන්නන්න එපා. මෙයාලා එහෙන් කෝවිඩ් හදාගෙන අැවිල්ලා මෙහෙ මොනවා හරි වුණොත් ලංකාවේදී වුණා කියලනේ කියන්නේ... දැන් බලන්නකෝ අර 90ක්ද කොහෙද පිටරටවල මැරිලා තියෙනවා ඔය ටික ලංකාවට ආවා නම් ආණ්ඩුවටනේ අවුල වෙන්නේ.. ඒක හින්දා මෙයාලා මේ කෝවිඩ් ඉවර වෙනකන් ගෙන්නන්න එපා.
බෙහෙතක් හොයා ගන්න බැරි කොරෝනා දැන්මම ලෝකයෙන් ඉවත් වෙන්නේ නැහැ. පිටරට වැඩකරන ඉන්දියාවේ අයටත් එයාලගේ රටට යන්න එන්න දෙනවා වගේම ගෙදර නිරෝධායනය වෙන්න දෙනවා. ලංකාවේ විතරයි අහිංසක පිටරට ඉඳලා එන අයව තරු හෝටල් වල නිරෝධායනය වෙන්න කියලා සල්ලි හූරාගෙන කන්නේ... මැද පෙරදිග ඉඳලා රස්සාවෙන් අස්වෙලාම ගෙදර එන්න වෙලා තියෙන්නේ... ලංකාවට ඇවිත් නිරෝධායනය කියලා වද දෙන නිසා... අනිත් රටවල මිනිස්සු හිනාවෙනවා ලංකාවේ ගුවන්තොටුපල ලංකාවේ අයටම වහලා එන්න යන්න බැරි කරලා තියෙන එකට දවසට රු 7,500 හෝ 9,000 ගානේ දවස් 14ක් රු 105,000 හෝ 126,000ක් දීලා හෝටලයක ඉඳලා ගෙදර එන්න පුළුවනි.. නමුත් සැප නැහැ අපට රස්සාවේ රස්නෙයි දුකයි තමා මැද පෙරදිග. රටට වැඩිම විදේශ විනිමය ගෙන එන ශ්‍රමිකයින්ට කරපු කැත වැඩේට සාප වේවා... අහිංකයාගේ මුදල් සූරා කන අයටත් ඒවාට උඩ ගෙඩි දෙන අයටත්....
ඕවා දැන් ජනාධිපතිතුමාට කියලා වැඩක් නැහැ. පගාවක් දීලා එන්න බලන්න.
අපෝ , මේ දවස්වල ඇමතිකම් බෙදනවා. ඕවා ගැන බලන්න වෙලාවක් නැහැ. ඊට ඉස්සරවෙලා 20 සම්මත කරගෙන නඩුවලින් බේරෙන වැඩේ තිබුණා. ඒක නිසා විරුවා වියරුවෙන් රට කාලා ඉවර වෙනකම් ඉන්න රටකට වෙලා ඉන්න.