සෞදි අරාබියේ ජෙඩා වරාය ආසන්නයේදී ඉරාන තෙල් නැවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
නෞකාවේ පිපිරීමක් සහ ගින්නක් හටගෙන ඇති අතර මේවනවිට මුහුදට බොර තෙල් කාන්දුවෙමින් පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.
ජෙඩා වරායෙන් කිලෝමීටර් 60ක් පමණ දුරින් ගමන් කරමින් තිබියදී නෞකාව ප්‍රහාරයට ලක්ව ඇත.
ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල යෙදෙන ඇමරිකානු නාවුක හමුදාව පවසා ඇත්තේ නෞකාවට ප්‍රහාරයක් එල්ලවී ඇති බවට වාර්තා වී ඇතත් වැඩිදුර තොරතුරු නොදන්නා බවයි.
මෙම ප්‍රහාරයත් සමග ඉරානය සහ සෞදි අරාබිය අතර නොසන්සුන්තාවයන් වර්ධනය වියහැකි බවට විචාරකයෝ මත පළකරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදිය ඉල්ලන් කන්න වගෙයි.
අසව් අසව් !!! හා හා !! ප්‍රදේශයේ සිටි ඇමෙරිකානු හමුදාව දන්නේ නැතිලු ප්‍රහාරය කුමක්ද කියා... පිළිගන්න සැවොම. වාසි නම් ඒ ගොල්ලෝ ඔක්කොම දන්නවා. කොහේ හරි කොස්සක් තියනවා නම්...
අපේ ඇමෙරිකන් පුරවැසියා දන්නවා ඇති...
මේක ගේමක් ඇමරිකන් බේස් සෞදි හැමතැනම තියනවා, කලාපයේ ප්‍රශ්න ඇති කිරීමට සි අයි වැඩක් පාඩුව අපි වැන්නුන්ටයි.