(රංජන් කස්තුරි)
මිල සූත්‍රයට අනුව අද(10) රාත්‍රියේදී ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකෙරෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ඉකුත් දිනවල ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය අතර, පසුව යළිත් පහළ ගිය බවද, මේ වනවිට එම මිල ගණන් ඉකුත් මාසයේ පැවැති මට්ටමට පවතින බවද මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම නිසා ඉන්ධන මිලෙහි සංශෝධනයක් අවශ්‍ය නොවන බවද ඔහු කීය.
COMMENTS
පෙර මැතිවරණ ප්‍රතිපල
ඔය මිල සුත්‍රයට ඡන්දය කියන පරාමිතියත් ඇතුලත් වෙලා නේද තියෙන්නේ. කොහොමත් ඇල්පිටියේ ඡන්දයත් ජනාධිපතිවරණයත් නිසා අනිවාර්යයෙන් ඉන්ධන මිල මේ මාස දෙකේ වැඩිවන්නේ නැත ..
නොවැම්බර් 10 වෙනිදාත් මිල වැඩි වෙන්නේ නැත. දෙසැම්බර් 10 වෙනිදා වනවිට පොලිත් එක්ක අල්ලලා වැඩිකරාවී.
මිල සූත්‍රයට මැතිවරණය සාධකය එකතු කරලා. එතකොට මිල අඩුවීමක් නැතත් එම මිලට වත් පවත්වාගෙන යන්න වෙනවා. ලංකාවේ හැටි එහෙම තමය. නමුත් සිංගප්පුරුව ඔස්ට්‍රේලියාව වගේ රටවල් මැතිවරණ තබා මොනවා තිබුනත් මිල සූත්‍රය නිවැරදිව ක්‍රියාත්මක කරනවා.
ඒ කියන්නේ මේ මාසේ ඇතුලත පැට්‍රොල් වාෂ්ප වෙලා නැහැ. නැතිනම් මිල සූත්‍රයට අනුව වාෂ්ප වෙන පෙට්‍රල් වල පාඩුවත් අයකර ගැනීමට මිල වැඩිකරනවානේ.