(දසුන් රාජපක්ෂ)
කුමන දේවස්ථානයටදැයි නිශ්චිතව සඳහන් නොවුවද, ලංකාවේ දේවස්ථාන මුල්කරගෙන පුද්ගලයන් 6දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හැකි බව පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවට පෙර ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට ජාතික බුද්ධි සේවාවට දැනුම් දුන් බව විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද(02) ප්‍රකාශ කළේය.
තමා වෙත ලැබුණු එම බුද්ධි තොරතුර ඇතුළත් ලිපිය ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට හා සහකාර පොලිස් අධිකාරීවරයකු වෙත පෙන්වා ප්‍රහාරයක් එල්ල විය හැකි බව ඔවුන් වෙත දන්වා සිටිය බවද, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සඳහන් කළේය.
අද(02) පෙරවරුවේ මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු අභියාචනාධිකරණ විනිසුරු එම්.එම්.ඒ.ගපූර් මහතා සහරාන් විසින් මුස්ලිම් ආගම හා කුරානය ඔහුගේ දේශන හරහා විකෘති කරනු ලැබ ඇතැයි කියාසිටියේය.
එමෙන්ම 2012 වර්ෂයේ එක්තරා දිනක නුවරඑළියේදී විදේශීය කණ්ඩායමක් බුදුදහම විකෘති කළ පත්‍රිකා බෙදීමේ සිද්ධියක් ගැන ජනාධිපති කොමිසම දැනුවත් කළ ගපූර් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව දැනුම් දී ඒ පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද, සාක්ෂි දෙමින් දන්වා සිටියේය.
කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතා දෙවැනි දිනයටත් මෙම ජනාධිපති කොමිසම හමුවේ අද(02) පස්වරුවේ සාක්ෂි ලබාදුන්නේය.
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී අද(02) රුස්විය.
පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හෙට(03) යළි රැස්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය බුද්ධි අංශ නිවැරදි තොරතුරු දුන් බව නි.පොලිස්පති ජයසුන්දර තහවුරු කරයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 July 2020 02:23 PM
ඉන්දියානු තොරතුරු නිවැරදිව කලට, වේලාවට ලැබුණත් අපගේ හිටපු සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගත්තේ නැහැ. ඒත් ඔහු ඊළඟ ඡන්දෙටත් තරඟ වදින්නයි සූදානම... වරදකරු නිදැල්ලේ... රටේ මුදල් මේ කොමිසම්වලට නිරපරාදේ නැති නාස්ති වෙනවා. රජයේ ඔඩොක්කුවේ සිරිසේන හුරතල් වෙනවා. කරුණු එසේ තිබියදී, නිරපරාදේ රටේ මුදල් නැති නාස්ති වෙනවා. මේවා මෙහෙම වෙන්නේ රටේම කරුමයකටයි.