මාස තුනක් යනතෙක් දුප්පත්ම ජනතාවට ගෘහස්ත ගෑස් සිලින්ඩර නොමිලේ සැපයීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
සාමාන්‍යයෙන් රජයේ ප්‍රතිලාභලාභීන්ට අඩු මුදලට ගෑස් ලබාදෙන අතර කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් දුප්පත්ම ජනතාවට එලෙස නොමිලේ ගෑස් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
ඉන්දියාව සිය පුරවැසියන්ට පිරිසුදු ඉන්ධන ලබාදීමේ යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කර තිබූ අතර එම ක්‍රමවේදය යටතේ මෙලෙස ගෑස් ලබා දේ.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ඉන්දියාව පසුගිය සතියේදී රට සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගත්තේය. ඒ අනුව සති තුනකට මුළු රටම වසා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කොරෝනා වයිරසයෙන් ඉන්දීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ඉන්ධන ඉල්ලුමට ද බලපෑම් එල්ල වී තිබේ.
‘‘ගෑස් සඳහා තිබෙන ඉල්ලුම ලොකු අභියෝගයක්. අනෙකුත් නිෂ්පාදන සඳහා තිබෙන ඉල්ලුම අඩුවෙද්දි ගෑස් පරිභෝජනය වැඩි වෙනවා. ලොක්ඩවුන් සීමා අවසන් නොවුණහොත් මේ අභියෝගය ඉදිරියටත් තියේවි’’ යැයි ඉන්දියාවේ ප්‍රධානතම පිරිපහදු සමාගම වන ඉන්දියන් ඔයිල් කෝප් (අයි.ඕ.සී) සමාගමේ සභාපති සන්ජීව් සිං පැවැසීය.
රජයේ ප්‍රතිලාභ ලබන මිලියන ගණනක දුප්පත් ජනතාවගෙන් සියයට 70ත් 80ත් අතර පිරිස නව යෝජනා ක්‍රමය යටතේ ගෑස් නැවත පුරවාගැනීමට කටයුතු කළහොත් මාසයක් ඇතුළත ඉන්දියාවේ ගෑස් ආනයනය ටොන් 700,000කින් වැඩි වනු ඇතැයි ද හෙතෙම කීය.
අප්‍රේල් මාසයේදීත් මැයි මාසය මුලදීත් බෙදා හැරීම සඳහා ඉන්දියාවේ ‘හින්දුස්තාන් පෙට්‍රෝලියම් කෝප්’ සමාගම ගෑස් ටොන් 245,000ක් මිලදී ගැනීම සඳහා දැනටමත් ටෙන්ඩරයක් නිකුත් කර ඇත.
රොයිටර්ස්
055
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ දුප්පතුන්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නොමිලේ
රවින් Tuesday, 31 March 2020 01:23 PM
ගෑස් නිකන් ? ගෑස් වලින් උයන්න කෑම වර්ග? ඉන්දියාවේත් ඇඳිරි නිතිය නේද? උයන පිහින දේවල් නැතිව ගෑස් සිලින්ඩරෙන් ඇති වැඩේ? අසල්වැසියාට ගෑස් පෙන්නිමද?