
අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 5.82 දක්වා ඉහළ ගොස් ඇත.
අවසන් පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 86,052 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 5,818,570කි. එරට වයිරසය ආසාදනය වී සුව වූ ගණන 4,756,164කි.
පසුගිය අගෝස්තු මාසයේ අග සිට සෑම දිනකදීම ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 80,000 ඉක්මවා වාර්තා වී ඇතැයි ද දත්ත වාර්තා පෙන්වාදෙයි.
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී වයිරස ආසාදිත මරණ 1,141ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 92,290කි. අනෙක් රටවල් හා සැසඳීමේදී ඉන්දියාවේ වයිරස ආසාදිත මරණ අනුපාතය සියයට 1.6ක් තරම් අඩු අගයක පවතී.
ඉන්දියාවේ, වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,282,963කි.
රොයිටර්/එන්.ඩී.ටීවී.
055
2025 නොවැම්බර් මස 21
31
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
145
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50 ඉක්මවයි