(රොමේෂ් මධුෂංඛ)
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට දෙදෙනෙකුට පැමිණීම සඳහා සහය දුන් පුද්ගලයින් 06 දෙනෙකු මඩු හා මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ පවතින කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් පසුගිය 02 වනදා පියෙකු සහ දියණියක් ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයේ බෝට්ටුවකින් තලෙයිමන්නාරම් මුහුදු තීරයට මන්නාරම් පණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයට පැමිණ සිටියදී මඩු පොලිස් නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතට යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
අනතුරුව එම දෙදෙනාට මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් පැමිණීමට සහය දුන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු මන්නාරම් පොලිස් බුද්ධිඅංශ නිලධාරීන්ගේද සහය ඇතිව අත්අඩංගුවට ගෙන මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන මඩු පොලීසිය වැඩ දුරටත් පැවසීය.
COMMENTS
වෙලාවට හසුවුනේ ! බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු ඒ සඳහා වෙහෙස වූ සැමට තුති ! මේ උදව් කරපු සැවොම නිකන්ම නිකං අය වෙන්නට බැහැ .. කලිනුත්,මත් ද්‍රව්‍ය ගෙනත් පළපුරුද්දක් ඇති ඇතැම්විට.
ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ...
අනේ ඔය නීතිය අර තොන්ඩමාන්ට ක්‍රියාත්මක නොවුනු හැටි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමාට පවා තර්ජනය කර අමු අමුවේ නිරෝධායන නිතී කැඩූ බැරිස්ටර්ට නිහඬ එම ජාතිකත්වයටම අයත් තවත් පුරවැසියන්ට නීතිය ක්‍රියාත්මකයි.
තොණ්ඩමන්ලාට නැති නීතිය මේ මිනිස්සුන්ට විතරක් අකුරටම ක්‍රියාත්මක වෙලා... පොඩ්ඩක් ඉන්න. අපි ගෙදරින් පෑන් අරගෙන ඇවිල්ලම ඡන්දෙ දාලා ඔයාලව පාර්ලිමේන්තු යවනවමයි..