IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඇල්ල පාලම බලන්න ආ තරුණියගේ මාලය කොල්ලකාලා

 

(විජේරත්න රත්නායක)

බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය පැළඳ සිටි රන් මාලය පැහැරගත් බවට සැකපිට යුධ හමුදා සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙකු ඇල්ල පොලීසිය මගින් අද (16) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඇල්ල, හල්පෙ පට්ටියකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 වන පුද්ගලයෙකු වන අතර ඔහු යුධ හමුදා බුද්ධි අංශයේ සේවය කරන අයෙකු බව පැවසේ.

ඇල්ල ආරුක්කු නවය පාලම නැරඹීමට සිය පෙම්වතාද සමඟ පැමිණ සිටි දියතලාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බියගන්වා ඇගේ ගෙල පැළඳි රුපියල් 22000 ක් පමණ වටිනා රන් මාලයක් සැකකරු විසින් පැහැරගත් බවට ලැබුණු පැමිණිල්ලක් මත ක්ෂණික වැටලීමක් සිදුකළ ඇල්ල පොලීසිය ආරුක්කු නවය පාලමට යාබද පයිනස් වගාව තුළ සැඟව සිටි සැකකරු අදාළ රන් මාලයද සමග අත් අඩංගුවට ගෙන තිබේ.

ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර මහතාගේ උපදෙස් මත එම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලරත්න මහතා ඇතුළු නිළධාරීන් පොලිස් බුද්ධි අංශ නිළධාරීන්ගේද සහායෙන් අදාළ වැටලීම සිදුකර ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.



අදහස් (2)

ඇල්ල පාලම බලන්න ආ තරුණියගේ මාලය කොල්ලකාලා

Ruhunu Wednesday, 16 December 2020 04:55 PM

බඩුත් එක්ක හොරු අහුවුණා නම් හොරෙක්ද? සැකකරුවෙක්ද?

:       0       0

විජිත් Wednesday, 16 December 2020 07:34 PM

ආ ..මේ ශ්‍රී ලංකාව කියන ලෝකයටම මස් සප්ලයි කරන ධර්මද්වීපයේ මිනීමරු රණවිරුවෙක්. ඔය රණවිරුවෝ කියලා කියාගන්නා උන්ගෙන් 99% ම ඔය වගේ නස්කුනි වැඩ කරපු අය . ඉස්කෝලේ යන ළමයින්ව මරපු , ඒ වගේම අහිංසක දෙමල ගැහැණු ළමයින් දුෂණය කරලා මරපු, නිස්කාරනේ දෙමල මිනිස්සු මරපු (කොටි නොවේ)... 88 -89 දකුණේ කොල්ලන්ට දසවදදිලා මරපු රණවිරු ලේබල් ගහගන්නා නෂ්ටකාමයෙන් පෙලෙන පිස්සන් රැලක් තවමත් යහතින් ජීවත්වෙනවා. ඇත්ත රණවිරුවන් සිටින්නේ පස්කඳු යටයි.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site