රංගනය තම ජීවිතය කරගෙන යන ගමනේ නිරූපණයටත් ආශාවක් දක්වමින් නිරූපණයටත් දක්ෂතාවක් දක්වන චතු රාජපක්ෂ සාරවිට ආලින්දයට ගොඩවැදුණු මෙලෙසිනි.
කොහොමද මේ දවස් වල වැඩකටයුතු?
මේ දවස් ටිකේ නම් විවේකයෙන් ඉන්නවා. ගිය මාස දෙකක විතර කාලයක් ෆිල්ම් එකක වැඩ කටයුතුවලට නිරත වූ නිසා මේ දවස්වල විවේකයෙන් ගෙදරට වෙලා ඉන්නවා.
වැඩිපුරම කැමති රංගනයටද? නිරූපණයටද?
ඇත්තටම මම පොඩි කාලෙ ඉඳලා කැමති රඟපාන්න. මම රංගනයට තමයි ලොකු කැමැත්තක් දක්වන්නේ. රංගන වැඩ කටයුතු කරගෙන යන අතරතුර මට නිරූපණ වැඩකටයුතුවලටත් ආරාධනා ලැබුණා. මම ඒ සඳහාත් ඉදිරිපත් වීම තුළින් තමයි නිරූපණයටත් ලොකු ආසාවක් ඇති වුණේ. ඉතිං දැන් රංගනය වගේම නිරූපණයටත් ලොකු ආදරයකින් මගේ මේ ගමන යනවා.
වෘත්තීයක් විදියට මේ ක්ෂේත්රයේ ඉදිරියට යන්නද බලාපොරොත්තුව?
ඔව්. මම මේ ක්ෂේත්රයට ආසයි. ඒ වගේම රඟපාන්න ආසයි. ඒ නිසා ලැබෙන ආරාධනා සතුටින් භාරගෙන වෘත්තීයක් විදියට මේ ක්ෂේත්රයේ ඉදිරියට යනවා.
ඉදිරි වැඩ කටයුතු කොහොමද?
ගිය දවස් වල "පාටක් නැති ආදරේ" ෆිල්ම් එකේ වැඩ කටයුතු කළා. ඉදිරියටත් ෆිල්ම් දෙක තුනකම සහ මියුසික් වීඩියෝ දෙක තුනකම ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියට මේ වැඩ කටයුතු සහ ලැබෙන ආරාධනා එක්ක වැඩ කටයුතු කරනවා.
ඔයාගේ මේ ගමනට උදව් කළ අය කවුද?
මම මුලින්ම මතක් කරන්න ඕනේ රංගනය සඳහා මට මුලින්ම මේ මාර්ගය හදලා දුන්නේ ෂඔභ නාළිකාවේ අනුර ජයසේකර අයියා. එයා තමයි මගේ මුල්ම ෆිල්ම් එක වෙන "පාටක් නැති ආදරේ" ෆිල්ම් එක සඳහා මට මාර්ගය හදලා දුන්නේ. ඒ වගේම වී. ශිවදාසන් සර්, අනුර වරාගොඩ සර්, රාජ් රණසිංහ සර්, පරාක්රම ජයසිංහ සර්වත් මතක් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ යලූවෝ. ඩිලානි, ශාදි, නිශාදි, කාංචනා, මධු, උදාර රාජපක්ෂ, රුක්ෂානා දිසානායක, ආශී දෙව්මිණි. ඒ වගේම මට මේ අවස්ථාව ලබලා දුන්න ඉෂාරා නිලූක්ෂි අක්කවත් ආදරයෙන් මතක් කරනවා.
සටහන සහ ඡුායාරූප - ඉෂාන් සංජීව
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇත්තටම මම පොඩි කාලෙ ඉඳලා කැමති රඟපාන්න