(දිමුතු සදරුවන්)
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 8 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 24 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
එන්නතක් නිපදවන තුරු, COVID-19 වෛරස ආසාදනයයෙන් දිවි ගලවා ගත් අයගේ ප්‍රතිදේහ පාරවිලයනය, අවදානමට ලක්වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කළ හැකිය. SARS වසංගතය සහ 1918 උණ වසංගතයේදීද මෙම ක්‍රමය සාර්ථකව භාවිතා කර ඇත.
අනේ දෙවියනේ මොකක්ද මගේ රටට වෙන්න යන්නේ? සයිටම් ආයතනය අහෝසි කිරීමේ පාපයද මේ?