(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුමුල්ල මෝල්පේ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්ට සැගව සිටීමට අනුබල පුද්ගලයාගේ අනියම් බිරිද වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයි කියයි.
ඉකුත් 14 වැනිදා සිදු වු මෙම සිද්ධියෙන් මොරටුමුල්ල සොයිසා පාරේ පදිංචිව සිටි බස් රථ හිමිකරුවකු වන දුමින්ද රොෂාන් හෙවත් ආමී මංජු සහ ඔහුගේ පුතාගේ මිතුරා වු ඌරු බොක්ක බොරදූව හේන ප්‍රදේශයේ පදිංචිව සිටි චින්තක සඳරුවන් පරණවිතාන නැමැත්තා ඝාතනය වු අතර ආමි මංජු නැමැත්තාගේ 23 හැවිරිදි පුතු රමේෂ් විජයන්ත නැමැත්තා තුවාල ලැබීය.
බස් රියේ බලපත්‍රයක් මුල් කරගනිමින් මෙම ආරවුල හට ගෙන තිබු බවට සාක්කි ලැබී ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd