IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආදායම් දෙපාර්තමේන්තු සංවත්සරයට 50,000 ක් බැගින් එකතු කරයි

(සිරංගිකා ලොකුකරවිට)

දකුණු පළාත් ආදායම් දෙපාර්ත‍මේන්තුවේ 30 වැනි සංවත්සර උත්සවය සැමරීම සඳහා තක්සේරු නිලධාරියකු මාර්ගයෙන් රුපියල් 50,000.00 බැගින් මුදලක් එකතු කරන බවට වී තිබේ.

මේ පිළිබඳ දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කේ.එල්.රංජිත් සූරසේන මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ආදායම් බදු ගැටලුවලට සම්බන්ධතාවක් නොමැති අයගෙන් මෙම මුදල් එකතුකිරීම සිදුකරන බවයි.

කොමසාරිස්වරයා පවසන පරිදි දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවෝ 22ක් සිටිති. ඔවුන් එක් අයකුගෙන් 50,000.00 බැගින් උත්සවයට එකතු කරන්නේ නම් එහිදී එකතුවන මුදල ලක්ෂ 11කි.

කොමසාරිස්වරයා කියා සිටියේ මැයි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම 30 වැනි සංවත්සරික උත්සවය සඳහා රුපියල් ලක්ෂ 10කට වඩා මුදලක් වැයවන බව තීරණය කර ඇති බවයි.

දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආදායම් ප්‍රභවය වන්නේ ඉඩම් ඔප්පු ලියාපදිංචියේ දී ලබාගන්නා මුද්දර ගාස්තුවයි. ඉඩම් සඳහා අඩු වටිනාකම් සඳහන් කරමින් රජයට ලැබිය යුතු ආදායම් අහිමිකරන පුද්ගලයන් සොයා අදාල දඩ මුදල් අයකරගැනීම තක්සේරුකරුවන්ගේ ප්‍රධාන රාජකාරියක් වෙයි. ඔසු සැල්වලින් ආදායම් එකතුකිරීම, ඛනිජ සම්පත් අළෙවිකරුවන්ගෙන් ආදායම් එකතුකිරීම සහ හිඟ ආදායම් මුදල් එකතු කිරීම පළාත් ආදායම් දෙපාර්ත‍මේන්තුවේ අනෙකුත් ආදායම් මාර්ග වෙයි.

එවැනි වතාවරණයක් තුළ උත්සවය සඳහා මුදල් එකතුකරනු ලබන්නේ කවර ආකාරයේ පුද්ගලයන්ගෙන් දැයි විමසූ විට කොමසාරිස්වරයා කියා සිටියේ මේ වනවිට ආදායම් බදු ගෙවීමේ ගැටලුවලට මුහුණ දී නොමැති තම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ව්‍යාපාරිකයන් හා නීතිඥයන්ගෙන් මුදල් එකතු කරන බවයි.

පළාත් ආදායම් දෙපාර්ත‍මේන්තුවේ ම නිලධාරීන් පිරිසක් චෝදනා කරන්නේ මෙලෙස මුදල් එකතුකිරීමට කොමසාරිස්වරයා විසින්ම උපදෙස් දීම ආදායම් ගෙවීම් පැහැර හැර ඇති අයගෙන් අල්ලස් ගැනීමකට සමාන කාර්යයක් බවයි. එමෙන්ම දැනට වාර්තාවන ආකාරයට මේ උත්සවයට මුදල් එකතුකරන බව පවසමින් ආදායම් ගෙවීමේ ගැටලු ඇති අයගෙන් අල්ලස් ගෙන ඔවුන් මුදල් ගෙවූ බව කාර්යාලයට දන්වා ඔවුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ද සැළසුම් වෙමින් පවතී. කොමසාරිස්වරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මකවන මෙම මුදල් එකතුකිරීමේ වැඩසටහන හේතුවෙන් තක්සේරුකරුවන්ට ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන්, නීතිඥයන් හා පොළී කරුවන් වැනි පුද්ගලයන්ගෙන් ලක්ෂ ගණනක අල්ලස් ගැනීමට මඟ පෑදී ඇත.

මේ පිළිබඳ විමසූ අවස්ථාවේ දී කොමසාරිස් වරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“මේ උත්සවයට පළාත් සභාවෙන් සල්ලි ලැබෙන්නේ නැහැ. 30 වැනි සංවත්සරයට ඉහළින් සමරන්න තීරණය කළේ අපේ සුබ සාධක සංගමය. මුදල් නොලැබෙන නිසා අපි සල්ලි එකතු කරන්න කියා උපදෙස් දුන්නා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් සල්ලි නැත්නම් උත්සව තියන්න එපා කියලා. ඒ වගේම මේක අනවශ්‍ය වියදමක් කියලා කියන්නත් පුළුවන්. ඔබ ඇසුවාට මෙය අල්ලස් ගැනීමක් නේද කියා අපි එසේ සිතන්නේ නැහැ. අපි මේ මුදල් එකතු කරන්නේ අපෙ දෙපාර්තමේන්තුවට උදව් කරන්න සූදානම් අපේ හිතවතුන්ගෙන් විතරයි.”



අදහස් (7)

ආදායම් දෙපාර්තමේන්තු සංවත්සරයට 50,000 ක් බැගින් එකතු කරයි

Allas Monday, 08 March 2021 10:28 AM

කොමසාරිස්ව ගෙදර යවන්න කාලේ හරි. තව එක මොහොතක් ඔය පුටුවේ තියන්න එපා. ගහලා එළවන්න ඕනෑ.

:       0       0

Hafeel Monday, 08 March 2021 10:42 AM

මෙම කොමසාරිස් කියන පරිදි ආදායම් දෙපාර්තමේන්තුවට හිතවතුන් ඉන්නවා නම්, ඕක ලොකු විහිළුවක්... ඔවුන් රටට බදු වංචා කරන අය වෙන්න පුළුවන්...

:       0       0

ලුම්බිණි Monday, 08 March 2021 10:58 AM

ඉස්සර කාලේ මේ වගේ දෙයක් කළා නම් කොමසාරිස් කේ.එල්.රංජිත් සූරසේන නවතින්නේ ගෙදර.

:       0       0

harsha Monday, 08 March 2021 11:22 AM

මම හිතන්නේ නැ මේ විදිහට එකතු කිරීමට රජයේ නිලධාරින්ට ජනාධිපතිතුමා ඉඩ දේවි කියලා.

:       0       0

nihal Tuesday, 09 March 2021 03:18 AM

තවත් අදූරදර්ශී මෝඩ කපටියෙකුගේ වැඩක්...

:       0       17

Bamunuarachchi Tuesday, 09 March 2021 03:52 AM

මේක මාර වැඩක්නේ... ඔහෙලගේ සංවත්සරය අපි අහවල් දේකටද සල්ලි දෙන්නේ? අපෙන් ලක්ෂ ගණන් එකතු කරලා ඔහෙලා රට බඩුවලින් සප්පායම් වෙන්න. සංවත්සරය කරන්නේ ඔහෙලා නම් එකතු කරන්න ඔහෙලගේ කට්ටියගෙන් සල්ලි...

:       0       18

Senarath Tuesday, 09 March 2021 05:47 AM

අඩුම ගානේ අවුරුදු 50ක් සපිරීම සමරනවා නම් පොඩි සමාවක් දෙන්න තිබුණා. 30 මොකටද සමරන්නේ? අනෙක මේ කොරෝනා වසංගතයක් රටේ පැතිරෙද්දී. ඔහොම සල්ලි ගත්තාම හරියට රාජකාරිය කරන්න බැරිවෙනවා කියලා ඕනෙම කෙනෙක් දන්නවා. අන්තිමට නිකමට මුදලාලිලාගේ සාක්කුවේ නැටවෙනවා. රජයට කෝටි ගණන් පාඩු වෙනවා. අහිංසක අපෙන් තමයි ඔක්කොම අයකර ගැනීම් නීතියට වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 43 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 191 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 222 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 525 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 193 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 364 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site