(මනෝප‍්‍රිය ගුණසේකර)
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව 2016 වසරේදී ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරිණි.
ඒ වන විට ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා නීතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කෙළේය. ඔහු අල්ලස් කොමිසමේ තතත්වය ඉහළ දැමීමට හා අල්ලස් සිද්ධීන් සම්බන්ධ විමර්ශන සඳහා නවීන තාක්‍ෂණය යොදා ගැනීමට කටයුතු කළේය.
රාජ්‍ය අංශයේ නිලධාරීන් මෙන්ම අල්ලස් පනත යටතේ ආවරණය නොවු පෞද්ගලික අංශයේ නිලධාරීන්ද අල්ලස් පනත යටතට පත් කිරීම සඳහාද, එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කරමින් නීතී කෙටුම්පත් කිරීම සඳහාද ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා විශාල මෙහෙවරක් කළේය.
ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වු විශාලතම අල්ලස වශයෙන් සැළකෙන හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා විසින් කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයක රථ ගාලක් තුළදී විදේශිය ආයෝජකයකුගෙන් රුපියල් කෝටි 2 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේදී අල්ලා ගැනීම සිදුවුයේද සරත් ජයමාන්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ සමයේදීය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ධුරයෙන් ඉවත් වු ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාට සමුදීමේ උත්සවයක් පසුගිය 20 වැනිදා අල්ලස් කොමිසමේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට දුෂිත දේශපාලුවෝ බලපෑම් කරපු නිසා අස්වුනාදෝ කියන්නත් බැහැ ?
හඬ පටයක්වත් මග එනවද ?
මැතිතුමනි, විශිෂ්ඨයෝ බොහෝ කල් එකතැන නොරැදෙති. දිල්රුක්ෂි මැතිනියටද එය එසේම විය. බුදුදහම අනුව එය එසේ විය යුතුයි. කල රාජකාරිය පිළිබඳව හිතට එකග විය හැකිනම්, සෑහීමකට පත්වන්නේනම් මගේ සතුටත් එයම වේ.
මහජන මුදලින් වැටුප් ලබමින් තම ජීවිකාව සිය පවුල සමගින් ගෙනගිය මෙම නිලධාරියා තම " හදවතට එකඟව" රට වෙනුවෙන් සේවය කළේ නම් මෙම තනතුර හැරයාම රටට අඩුවක් වනු ඇත.
රන්ජන් රාමනායක උපදෙස් දුන්නා කියලා වසුරු නාලිකාවෙන් ප්‍රචාරය වෙන්න බැරි නැහැ!
මේ කාලයේ සාමාන්‍යයෙන් නිලධාරියෙක් ඉල්ලා අස්වෙන්නේ නැහැ . පුදුමයි මෙතුමා ඉල්ලා අස්වුණ එක, අනුමානයක් නැහැ රන්ජන් එක්ක හඬ පඩයක් ගහලා ඇති.
වැඩ බැරි ටාසන් කෙනෙක්
පසුගිය කාලයේ පුවත්පත් වාර්තා අනුව අපි දැක්ක දෙයක් තමා දේශපාලනඥයන්ට එරෙහිව පැවරූ නඩු සියල්ලම පාහේ මේ කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේම අත්සන් සහිතව ඉදිරිපත් කර නැති නිසා උසාවියෙන් ප්‍රතික්ෂේප වුණා කියන කාරණය. ඒ නඩු ගොනු කර තිබුණේ කොමසාරිස්වරු දෙන්නෙකුගේ පමණක් අත්සන් කරලායි. දේශපාලනඥයන්ට එරෙහි නඩුවල දී පමණක් එහෙම වුණේ කොහොමද?
ඊගාවට පත්වෙන්නේ කවුද කියලා බලමු. ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් වුනේ මොකද්ද වෙන්න යන්නේ මොකද්ද කියලා.