(යොහාන් බාසුර)

ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන්න බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව පිළිබඳව  සාක්‍ෂි ලබාදීමට එවකට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (30) පස්වරුවේ පැමිණියේය.   

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)