( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31දෙනෙකු සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත්  සදාකාලික ආබාධිත තත්ත්වයට පත් ආදාඋල්පත බුද්ධසාර හිමියන් විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

 

එසේම අගතියට පත් පාර්ශවකරුන්ට රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ලබා දෙන්නැයිද පෙත්සම්කාර හිමි නම සිය පෙත්සමින් ඉල්ලා සිටියහ.

 

නීතීඥ මෝදිත ඒකනායක මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති , රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක සුරේෂ් සාලේ , නීතිපති නම් කරනු ලැබ සිටිති.