(දීපාල් ද සිල්වා)

අම්බලන්ගොඩ මාදම්පා රක්ෂිතයේ කොටසක අද (22) ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පැවසීය.

තල්ගස්ගොඩ ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය කීය.

ගින්න හේතුවෙන් විශාල දුමක් ප්‍රදේශය පුරා පැතිරෙමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති. 

ගින්න පිළිබඳව ගාල්ල ගිනිනිවන ඒකකයට දන්වා තිබෙන අතර ගින්න නිවාදැමීමට කිසිඳු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.