IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අභාවප්‍රාප්ත මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා

(පාලිත ආරියවංශ)

හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු ලබන 3 වැනිදා  පස්වරු 4.00 ට බදුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

නීතිඥ මාෂල් පෙරේරා මහතා ඊයේ (30) වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

දේහය අද පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන අතර හෙට (01) වැනිදා පස්වරු 1.00 ට  දේහය කොළඹ සිට බදුල්ල බණ්ඩාරනායක මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිතය.

ජුනි මස 3 වැනිදා තෙක් මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ නිවසේ තැන්පත් කරන දේහය  3 වැනිදා  පස්වරු 3.00 ට නිවසේ සිට බදුල්ල අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ගොස් එහිදී  විනාඩි 30 ක පමණ  කාලයක්  තැන්පත් කර විනිසුරුවන්ගේ , නීතිවේදීන්ගේ හා අධිකරණ කාර්ය මණ්ඩලවල අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව සැලසීමට අවමංගල්‍ය උත්සව කමිටුව තීරණය කර තිබේ.

පසුය දේහය  බදුල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

මාෂල් පෙරේරා මහතා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩිලාන් පෙරේරා මහතාගේ සහ ක්‍රිෂේලි පෙරේරා මහත්මියගේ පියාණන් වන අතර විශ්‍රාමලත් පාඨශාලාචාරිනි දයා පෙරේරා මහත්මියගේ ස්වාමිපුරුෂයාය.

1955 දි නීතිවේදියෙකු වූ මාෂල් පෙරේරා මහතා ලංකා සම සමාජ පක්ෂයේ  ප්‍රබලයෙක් ද විය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ රෝහණ විජේවීර මහතා ට එරෙහිව නුවරඑළිය අධිකරණයේ විභාග වු නඩුවලට  පෙනී සිට ඇති අතර 1971 ද කැරලි කරුවන්ට සහාය දැක්වීමේ චෝදනාව යටතේ සිර ගත කිරීමකටද ලක්ව තිබේ.

2003 දී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් මාෂල් පෙරේරා මහතා  සබරගමුව, දකුණ හා ඌව පළාත්වල ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේය.



අදහස් (4)

අභාවප්‍රාප්ත මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා

Hafeel Sunday, 31 May 2020 06:47 AM

එකම රට, එකම නීතිය නම්, කෝ නිරෝධානය නීතිය?

:       0       143

PrabhaSunday, 31 May 2020 08:39 AM

එයාලා අයිති වෙන්නේ ප්‍රභූ කියන සත්ව කොට්ඨාශෙකට.

:       0       24

de silva Sunday, 31 May 2020 09:09 AM

මේ අවමගුලත් අර තොන්ඩමන්ගේ එක කළා වගේ පාර්ලිමේන්තුවට ගෙනියලා.., හෙලිකොප්ටරේක පටවලා රට වටේ ගෙනියලා ඉහළින්ම කරමු...

:       0       0

වි Sunday, 31 May 2020 09:09 AM

නුවරඑළියේ, බදුල්ල, බණ්ඩාරවෙල ලබන සති දෙක ඇතුළත ඇඳිරිනීතිය දායි අායේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site